25.2 C
Colombo
Thursday, November 28, 2024

මගේ බිරිද රට පැන්නෙ සංචාරෙකට – නාමල්

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ බිරිඳ වන ලිමිණී රාජපක්ෂ සහ ඇයගේ දරුවා අද (08) අලුයම සිංගප්පූරුව හරහා ප්‍රංශය බලා පිටත්ව ගියා.

ලිමිනි සහ ඇගේ දරුවා සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ-469 දරණ ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා ප්‍රංශය බලා පිටත්ව යාමට පෙරවරු 12.05 ට රටින් පිටත්ව ගිය බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළා.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය පවුලේ අය බැලීමට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි බවද ගුවන් තොටුපළ ආරංචි මාර්ග වාර්තා කළා.

මේ පිළිබඳව සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් නාමල් රාජපක්ෂයන් සදහන් කරන්නේ ඇය විදෙස් ගත වූයේ සංචාරක ක්ෂේත්‍රයට අදාළ ඇයගේ රැකියාවට බවයි.

එය කිසිසේත්ම තමන්ගේ දේශපාලනයට අදාළ දෙයක් නොවන බවත් ඇය වෘත්තීය වශයෙන් සංචාරක ව්‍යාපාරයට අදාළ දෑ කරන බැවින් මෙය ඊට අදාළ සංචාරයක් බවත් නාමල් රාජපක්ෂයන් පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

මාදිවෙල නිවාස ගන්න අලුත් මන්ත්‍රීලා 80ක් පෝළිමේ

මාදිවෙල නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීම සඳහා නවක මන්ත්‍රීවරු 80දෙනෙක් අයදුම්පත් යොමු කර ඇති බවට පුවතක් ලංකාදීප වාර්තා කරනවා. මෙලෙස නිවාස ලබා ගැනීම සඳහා...

ආපදා මරණ 12ක් දක්වා ඉහළට

රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මේ දක්වා මරණ 12ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. තුවාල ලැබූ ගණන 17ක් වන අතර...

ලංකාව අර්බුදයකට යනවා කියන්නේ බොරු – නන්දලාල්

ණය නැවත ගෙවීමට යාමේදී ශ්‍රී ලංකාව අර්බුදයකට යන බව පැවසීම සම්පූර්ණයෙන්ම වැරදි මතයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. මහබැංකු ශ්‍රවණාගාරයේ ඊයේ...

POPULAR ARTICLES