25 C
Colombo
Saturday, January 18, 2025

මුළු අවුරුද්දෙම නාඩු රු. 105ට දෙනවා – ඇමති බන්දුල

- Advertisement -

වෙළඳපොලේ සහල් මිල කෙතරම් ඉහළ ගියද ඉතා අඩු මිලට සහල් අලෙවි කිරීමට සතොස හරහා කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ, ඊයේ (13) දින අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින්.

ඒ අනුව, මෙම වසර අවසන් වනතෙක් නාඩු සහල් කිලෝවක් රුපියල් 105 ට අඩුවෙන් සහ සුපිරි සම්බා කිලෝවක් රුපියල් 130 ට අඩුවෙන් මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලබාදෙන බවයි ඇමතිවරයා පවසන්නේ.

වසර අවසානය තෙක් ඊට වඩා සතයක් හෝ මිල ඉහළ නොදමන බවත් ඒ පිළිබඳව වගකීම වෙළඳ අමාත්‍යවරයා ලෙස තමා බාර ගන්නා බවත් ඉදිරි කාලයේදී සතොස අලෙවිසැල්වල අලෙවි කිරීම සඳහා අවශ්‍ය ප්‍රමාණවත් සහල් තොග මේ වනවිටත් රැස් කරගෙන ඇති බවත් ඔහු පවසනවා.

මේ අතර, සතොස හරහා මුං ඇට කිලෝවක් රුපියල් 225 බැගින් අලෙවි කරන බවද බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ආණ්ඩුව ගොවීන්ගෙන් රුපියල් 450 බැගින් මුංඇට මිලදී ගන්නා නමුත් රුපියල් 225 බැගින් එම මුංඇට අලෙවි කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බවත්, එම උපදෙස් අනුව පාඩුව දරා ගනිමින් රුපියල් 225 බැගින් සතොස අලෙවිසැල්වල මුංඇට අලෙවි කරන බවත් ඇමතිවරයා පවසනවා.

RECENT ARTICLES - SINHALA

වැසි තත්වයේ වැඩිවීමක්

0
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අද (18) සිට වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම දෙපාර්තුමේන්තුව...

ඉරිදා සිට ඇමෙරිකාවේ TikTok තහනම්

TikTok යෙදුම භාවිතා කිරීම සඳහා වූ තහනම එළඹෙන ඉරිදා සිට අමෙරිකාවේ ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ TikTok සමාජ මාධ්‍ය යෙදවුම...

ජනපති යළි දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා. චීන රාජ්‍ය සංචාරයේ...

POPULAR ARTICLES

19න් පහළ 20යි20 බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද ඇරඹෙයි

වයස අවුරුදු 19න් පහළ 20යි 20 බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද මලයාසියාවේදී ආරම්භ වෙනවා. මෙවර තරගාවලියට එක්වන කණ්ඩායම් 16ක් එක්වෙනවා. ලංකාව සහභාගී වන පළමු තරගය...

වැසි තත්වයේ වැඩිවීමක්

0
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අද (18) සිට වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම දෙපාර්තුමේන්තුව...

ඉරිදා සිට ඇමෙරිකාවේ TikTok තහනම්

TikTok යෙදුම භාවිතා කිරීම සඳහා වූ තහනම එළඹෙන ඉරිදා සිට අමෙරිකාවේ ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ TikTok සමාජ මාධ්‍ය යෙදවුම...