කොවිඩ් 19 වසන්ගතය හේතුවෙන් කලාකරුවන් විශාල ආර්ථික අර්බුධයකට මුහුණ දී ඇති බව මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා මහතා පවසයි.
‘කලාකරුවන් හැටියට අන්ත අසරණ වෙලා තත්වයට වැටිලා ඉන්නේ ඇත්තම කිව්වොත් අපි වෙනුවෙන් කතා කරන්න කෙනෙක් නැහැ. තවදුරටත් මෙහෙම ගියොත් හෙට දවසේ බැංකු කඩන්නේ අපිද දන්නේ නැහැ. අවංකවම කිව්වොතින් කොවිඩ් 19 නෙවෙයි මිනිස්සුන්ට ප්‍රශ්නය වෙලා තියෙන්නේ කන්නේ බොන්නේ කොහොමද කියන එක’ යනුවෙන් නලීන් පෙරේරා මහතා පැවසීය.
නලීන් මහතා මේ බව පැවසූවේ දෙසැම්බර් 03 වන දින කලාකරුවන් පිරිසක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් හමුවී කරන ලද සාකච්ඡාවක් අතරතුරදී මාධ්‍ය අමතමිනි.
කොවිඩ් වසන්ගතය හමුවේ කලාකරුවන්ට සිය ජීවනෝපාය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශන ලබා දෙන ලෙස එම කලාකරුවන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් උපදෙස් ලබා ගැනීමට පැමිණ ඇත.
තව කියවන්න
- මහ බැංකු හොරුන්ට අලුත් පනතින් දඬුවම්
- මාධ්‍යවේදීන්ට වරලත් ආයතනයක්
- අදානි කොළඹ වරායේ මෙහෙයුම් අරඔයි
- උණුසුම ගැන අවවාදාත්මක නිවේදනයක්
- රාජ්‍ය සේවයට අලුතින් සේවකයින් ගන්න අනුමැතිය