28 C
Colombo
Tuesday, April 22, 2025

“අම්මපල්ලා” කියලා හේවගේ කියපු කතාවට නලින්දගෙන් පිළිතුරු

- Advertisement -

ශ්‍රී ලංකා මහ බැංකුව සතුව ඇති නිල සංචිත ප්‍රමාණයක් සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැහැදිලි කිරීමක් සිදු කළා.

ඒ, ආණ්ඩුව බලයට පත්ව ගතවූ මාස හතර තුළ රට තුළ සංචිත ඩොලර් මිලියන 6190ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කළ බවට නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්  අද (08) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් විසින් ප්‍රශ්න කිරීමත් සමඟයි.

එහිදී, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙරට සතුව ඇති සංචිත සම්බන්ධයෙන් මහ බැංකුවෙන් නිල වශයෙන් ඉදිරිපත් කර ඇති දත්ත ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ දත්ත පහතින්,

 2024 සැප්තැම්බර්: ඩොලර් බිලියන 5.99

⁠ 2024 ඔක්තෝබර්: ඩොලර් බිලියන 6.47

⁠ 2024 නොවැම්බර්: ඩොලර් බිලියන 6.45

⁠ 2024 දෙසැම්බර්: ඩොලර් බිලියන 6.12

⁠ 2025 ජනවාරි: ඩොලර් බිලියන 6.06

⁠ 2025 පෙබරවාරි: ඩොලර් බිලියන 6.08

මෙම දත්ත මහබැංකුව විසින් නිල වශයෙන් ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛන බවත් යම් වරදක් සිදුව ඇතිනම් මෙම සංඛ්‍යාලේඛන පිළිගන්නා ලෙසත් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළා.

ඊයේ (07) ගාල්ලේදී පැවති මැතිවරණ ප්‍රචාරණ රැස්වීමක් අමතමින් නලින් හේවගේ මහතා පවසා සිටියේ ආණ්ඩුව බලයට පැමිණෙද්දී මහා භාණ්ඩාගාරය සතුව ඇමරිකානු ඩොලර් මිලියන 20 ක්වත් නොතිබුණු අතර ගතවූ මාස හතර තුළ සංචිත ඩොලර් මිලියන 6190ක් දක්වා ඉහළ නැංවීමට තම ආණ්ඩුවට හැකිවුණු බවයි.

“සමහර කට්ටියට දැන් තදියම් වෙලා තියෙනවා. ආණ්ඩුව හැදුවෙ නොවැම්බර් 21, අදට මාස 4යි දින 14යි. හැබැයි අපට සතුටු වෙන්න පුළුවන් ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් නොකරපු දැවැන්ත අඩි තියලා හොඳ ගමනක් අපි ආරම්භ කරලා තියෙනවා මේ මාස හතරට විතරක්. අපි එනකොට භාණ්ඩාගාරයේ සංචිත ඩොලර් මිලියන 20ක් නැතිව තිබුණේ. දැන් අම්මාපල්ලා තියෙනවා ඩොලර් මිලියන 6190 ක්. ගහපු අප්පුඩිය නම් සැර මදි වගේ. ඩොලර් මිලියන 20ක් නැති තැනක 6190ක් ගත්තට පස්සෙ නිකම් උළු කැට දෙකක් තුනක් පහළට වැටෙන්න ගහන්න එපැයි හත් ඉලව්වේ ගාල්ලෙ අපි අප්පුඩියක්”

මෙම ප්‍රකාශයේ සත්‍යතාවය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් ප්‍රශ්න මතු කර තිබු අතර එය සමාජ මාධ්‍ය තුළද දැඩි විවේචනයට ලක්ව තිබුණා.

RECENT ARTICLES - SINHALA

මාතර බන්ධනාගාරයේ උණුසුම් තත්වයක්

මාතර බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර අද (22) පස්වරුවේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් අහසට වෙඩිතබා ඇති බවයි පැවසෙන්නේ....

කටාන වෙඩි තැබීමක් – අයෙක් මරුට

කටාන ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. පොලීසිය පවසන්නේ, අද (22) රාත්‍රී 7ට පමණ කටාන කටියන ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම වාර්තා වූ බවයි. පුද්ගලයෙක් විසින් ව්‍යාපාරිකයෙකුට...

පුද්ගලයෙකු​ට මාසික​ව අවශ්‍ය අවම මුදල මෙන්න

නිල දරිද්‍රතා රේඛා සටහනෙහි පෙබරවාරි මාසය සඳහා වන දත්ත ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2025 පෙබරවාරි මාසය වෙනුවෙන් නිකුත් කර...

POPULAR ARTICLES