32 C
Colombo
Monday, April 21, 2025

“අම්මපල්ලා” කියලා හේවගේ කියපු කතාවට නලින්දගෙන් පිළිතුරු

- Advertisement -

ශ්‍රී ලංකා මහ බැංකුව සතුව ඇති නිල සංචිත ප්‍රමාණයක් සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැහැදිලි කිරීමක් සිදු කළා.

ඒ, ආණ්ඩුව බලයට පත්ව ගතවූ මාස හතර තුළ රට තුළ සංචිත ඩොලර් මිලියන 6190ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කළ බවට නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්  අද (08) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් විසින් ප්‍රශ්න කිරීමත් සමඟයි.

එහිදී, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙරට සතුව ඇති සංචිත සම්බන්ධයෙන් මහ බැංකුවෙන් නිල වශයෙන් ඉදිරිපත් කර ඇති දත්ත ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ දත්ත පහතින්,

 2024 සැප්තැම්බර්: ඩොලර් බිලියන 5.99

⁠ 2024 ඔක්තෝබර්: ඩොලර් බිලියන 6.47

⁠ 2024 නොවැම්බර්: ඩොලර් බිලියන 6.45

⁠ 2024 දෙසැම්බර්: ඩොලර් බිලියන 6.12

⁠ 2025 ජනවාරි: ඩොලර් බිලියන 6.06

⁠ 2025 පෙබරවාරි: ඩොලර් බිලියන 6.08

මෙම දත්ත මහබැංකුව විසින් නිල වශයෙන් ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛන බවත් යම් වරදක් සිදුව ඇතිනම් මෙම සංඛ්‍යාලේඛන පිළිගන්නා ලෙසත් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළා.

ඊයේ (07) ගාල්ලේදී පැවති මැතිවරණ ප්‍රචාරණ රැස්වීමක් අමතමින් නලින් හේවගේ මහතා පවසා සිටියේ ආණ්ඩුව බලයට පැමිණෙද්දී මහා භාණ්ඩාගාරය සතුව ඇමරිකානු ඩොලර් මිලියන 20 ක්වත් නොතිබුණු අතර ගතවූ මාස හතර තුළ සංචිත ඩොලර් මිලියන 6190ක් දක්වා ඉහළ නැංවීමට තම ආණ්ඩුවට හැකිවුණු බවයි.

“සමහර කට්ටියට දැන් තදියම් වෙලා තියෙනවා. ආණ්ඩුව හැදුවෙ නොවැම්බර් 21, අදට මාස 4යි දින 14යි. හැබැයි අපට සතුටු වෙන්න පුළුවන් ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් නොකරපු දැවැන්ත අඩි තියලා හොඳ ගමනක් අපි ආරම්භ කරලා තියෙනවා මේ මාස හතරට විතරක්. අපි එනකොට භාණ්ඩාගාරයේ සංචිත ඩොලර් මිලියන 20ක් නැතිව තිබුණේ. දැන් අම්මාපල්ලා තියෙනවා ඩොලර් මිලියන 6190 ක්. ගහපු අප්පුඩිය නම් සැර මදි වගේ. ඩොලර් මිලියන 20ක් නැති තැනක 6190ක් ගත්තට පස්සෙ නිකම් උළු කැට දෙකක් තුනක් පහළට වැටෙන්න ගහන්න එපැයි හත් ඉලව්වේ ගාල්ලෙ අපි අප්පුඩියක්”

මෙම ප්‍රකාශයේ සත්‍යතාවය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් ප්‍රශ්න මතු කර තිබු අතර එය සමාජ මාධ්‍ය තුළද දැඩි විවේචනයට ලක්ව තිබුණා.

RECENT ARTICLES - SINHALA

Breaking : දේශබන්දු යළි උසාවි කැඳවයි

මේ වන විට වැඩ තහනමට ලක් වී සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව යළිත් වරක් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට කැඳවීමක් කර තිබෙනවා.

චීනෙට පස්සේ බලවත්ම ආණ්ඩුව තියෙන්නේ අපිට – රනිල්

මාලිමාවට මෙවර පළාත් පාලන මැතිවරණයේදී බොහෝ තැන්වලින් බහුතරයක් නොලැබෙනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ, පළාත් පාලන මැතිවරණයට කොළඹ...

පාස්කු ප්‍රහාරය විකුණන් කෑම ලැජ්ජයි – නාමල්

පළාත් පාලන මැතිවරණයට පෙර දේශපාලන වාසි තකා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය විකුණන් කෑම නවත්වන්නැයි  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ  මහතා රජයෙන් ඉල්ලීමක්...

POPULAR ARTICLES