31 C
Colombo
Saturday, October 5, 2024

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

- Advertisement -

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාමල් රාජපක්ෂ මහතා පවසනවා.


සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින්, නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර තිබෙනවා.


ඔහු එම සටහන මඟින් අවධාරණය කර ඇත්තේ, පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථාන ගත වී ඇති බවට පළවන වාර්තා සත්‍ය නම්,රජය විසින් වහාම පරීක්ෂණයක් පවත්වා එය සොයා ගෙන පොදු ජනතාව වෙත මුදාහැරිය යුතු බවයි.

කෙසේවෙතත්, පසුගියදා (01) ප්‍රකාශයක් සිදු කරමින් කොළඹ අගරදගුරු පදවියේ සන්නිවේදන අධ්‍යක්ෂ සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා සඳහන් කළේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව කළ චෝදනා විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අතුරුදන් වී ඇති බවයි.


RECENT ARTICLES - SINHALA

මෙරට පුනර්ජනනීය බලශක්තිය සංවර්ධනයට ස්වීඩනයේ අවධානය

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට සහ ස්වීඩනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ අධ්‍යාපන අවස්ථා සහ වීසා දුෂ්කරතා අවම කිරීම කෙරෙහි ස්වීඩන් රජයේ අවධානය...

අශේන් පාර්ලිමේන්තු මැතිවරණයට

යූටියුබ් අවකාශයේ  සහ සමාජ මාධ්‍යජාලවල ප්‍රසිද්ධියට පත් පුද්ගලයෙකු වන අශේන් සේනාරත්න පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව වාර්තා වෙනවා. ඒ අනුව, එළඹෙන මහ මැතිවරණයේදී ඔහු...

ජනපති අපේක්ෂකයන්ගේ ප්‍රචාරක වියදම් වාර්තා ගැන අනාවරණයක්

මැතිවරණ වියදම් සීමා කිරීමේ පනතට අනුව ජනාධිපතිවරණයට තරඟ කළ අපේක්ෂකයින් 38 දෙනාම ලබන 12 වැනිදාට පෙර සිය ප්‍රචාරණ වියදම් වාර්තා මැතිවරණ කොමිසමට යොමුකළ යුතු...

POPULAR ARTICLES

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

පහුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 241ක් ඉඳලා

පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලැබූ 09 වැනි පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 241 දෙනෙකු නියෝජනය කර තිබෙනවා. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,මෙම කාලසීමාව...