සමාජ ක්රියාකාරිකයෙකු වන නාමල් කුමාර අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පවසන්නේ, කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකළ බවයි.
කාදිනල් හිමිගේ ප්රතිරූපයට හානි වන අන්දමේ හඬපටයක් පිළිබඳව නාමල් කුමාර නමැත්තා පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
එම පැමිණිල්ල පිළිබඳ විමර්ශනයක් සිදුකර සාධාරණය ඉටුකරන ලෙස කතෝලික සභාව ද පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබුණා.