32 C
Colombo
Tuesday, April 29, 2025

මෝදි හමු වු නාමල්

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවි තිබෙනවා.

නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුව ඇත්තේ, ඉන්දියාවේ පැවැත්වෙන “භාරතයේ පිබිදීම” සමුළුව සමුළුවට සහභාගීවී සිටින අතරතුරදීයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ “භාරතයේ පිබිදීම” සමුළුව අමතා දේශනයක්ද සිදුකර කර තිබුණා.

“භාරතයේ පිබිදීම” සමුළුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ, ශ්‍රී ලංකාවේ පැවැති ආර්ථික අර්බුදයට ප්‍රධානතම හේතුව මෙරට සංවර්ධන ව්‍යාපෘති දේශපාලන හේතූන් මත කල්යෑම බවයි.

උදාහරණයක් ලෙස 2015 වසරේදී සාම්පූර් බලාගාරය ආරම්භවීමට නියමිතව තිබුණ ද එය කල්යෑමේ ප්‍රතිඵලයක් ලෙස බලශක්ති අර්බුදය ඇතිවූ බව ඔහු සඳහන් කළා.

මන්ත්‍රීවරයා සඳහන් කළේ 2022දී ඇතිවූ මෙම බලශක්ති අර්බුදය පසුව මූල්‍ය අර්බුදයක් බවට පත්වූ බවයි.

දකුණු ආසියාවේ සියලු ජාතීන් දේශපාලන බෙදීම්වලින් තොරව කලාපයේ හවුල්කාරීත්වය තහවුරු කිරීමට කටයුතු කළයුතු බවය අමෙරිකාවේ තීරුබදු සම්බන්ධයෙන් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කර සිටියා.

ඉන්දියානු සාගර කලාපයේ රටවල් නව වෙළෙඳ හවුල්කාරීත්වයක් ගොඩනගා ගතයුතු බවද ඔහු පැවසුවා.

RECENT ARTICLES - SINHALA

ජනපතිගේ මීළඟ සංචාරය වියට්නාමයට

එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. අමාත්‍ය මණ්ඩල තීරණ...

මත්කුඩු ජාවාරම්කරුවෙක්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

හෙරොයින් මත්කුඩු කුඩු ග්‍රෑම් 6.95ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 37 හැවිරිදි දෙදරු පියෙකුට කොළඹ මහාධිකරණය අද (29) ජීවිතාන්තය දක්වා...

රාජපක්ෂ නඩුවට ලංගමයේ හිටපු උප සභාපතිවරයෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙකු වූ එල්. ඒ විමලරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කතරගම පිහිටි රාජපක්ෂ පවුලට අයත්...

POPULAR ARTICLES