25 C
Colombo
Friday, December 27, 2024

නාමල් රාජපක්ෂ ‘පොඩි මයිනා’

- Advertisement -

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර සිය නිල ෆේස්බුක් පිටුවේ ඡායාරූපය වෙනස් කර තිබෙනවා.

ඊට තමන්ගේ කාටූන් ඡායාරූපයක් එක් කර ඇති අතර එය #පොඩිමයිනා හෑෂ්ටැගය යටතේ ෆේස්බුක් සමාජ මාධ්‍යවෙත එක් කර ඇති අයුරු දක්නට හැකියි.

මෙය නාමල් රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් ගිණුම බැවින් ජාතික වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද ඔහුව හදුනාගැනීමට යොදාගන්නේ මෙම ෆේස්බුක් ගිණුමයි.

එබැවින් මෙය විහිළුවක් නම් මෙය ජාතික වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද දේශදේශාන්තරයන්හී පතලවනු ඇති.

මීට පෙර අවස්ථාවක ජනහමුවක් අමතමින් නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ තමන්ව ජනතාව හදුන්වන්නේ ‘පොඩි මයිනා’ ලෙස බවයි.

‌ගෝල්ෆේස් අරගලය පැවති කාල සීමාවේදී හිටපු අග්‍රාමාත්‍යවරයාට ‘නාකි මයිනා’ ලෙස ආමන්ත්‍රණය කිරීමට අරගලකරුවන් කටයුතු කර තිබුණා.


RECENT ARTICLES - SINHALA

සමූපකාරය සැබෑ මහජන සේවාවක් කරනවා

සමුපකාර සේවාව මින් ඉදිරියට සැබෑ මහජන සේවාවක් ලෙස පවත්වාගෙන යන බව සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පවසනවා. දේශපාලනික බලපෑම් නොමැති, දූෂණයෙන් හා වංචාවෙන්...

අර්චුනා ආයෙත් වලියක් දාගෙන

යාපනය දිස්ත්‍රීක් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අද (26) කිලිනොච්චිය දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීමේදීද රාජ්‍ය නිලධාරීන් පිරිසක් සමග මතභේදාත්මක බහින්බස් වීමක් සිදුවු බවට වාර්තා...

මත්ද්‍රව්‍ය නිවාරණය කරන්න විශේෂ වැඩපිළිවෙලක් – එරංග ගුණසේකර

මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කිසිඳු දේශපාලනමය බාධාවක් නොමැති බවත් මත්ද්‍රව්‍ය උවදුරෙන් මෙරට තරුණයින් බේරාගැනීම වෙනුවෙන් සියලු පියවර ලබන වසරේ...

POPULAR ARTICLES

Breaking: මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වෙයි

හිටපු ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වී තිබෙනවා. 1932 වසරේ සැප්තැම්බර් 26 වැනිදා උපත ලැබූ ආචාර්ය මන්මෝහන් සිං මියයන විට 92 වැනි වියේ පසුවුණා  ඉන්දියාවේ...

වසර 250කට පසු අමෙරිකාව නිල වශයෙන් නම් කල ජාතික පක්ෂියා

වසර 250කට පසු අමෙරිකාවේ ජාතික පක්ෂියා නිල වශයෙන් නම් කර තිබෙනවා. ඒ අනුව ජනපති බයිඩ්න් අමෙරිකාවේ නිල පක්ෂියා ලෙස Bald Eagle හෙවත් තට්ට රාජාලියා නම්...

සමූපකාරය සැබෑ මහජන සේවාවක් කරනවා

සමුපකාර සේවාව මින් ඉදිරියට සැබෑ මහජන සේවාවක් ලෙස පවත්වාගෙන යන බව සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පවසනවා. දේශපාලනික බලපෑම් නොමැති, දූෂණයෙන් හා වංචාවෙන්...