28.1 C
Colombo
Wednesday, March 26, 2025

දේශබන්දු වෙනුවෙන් නාමල් පෙරට

- Advertisement -

වත්මන් ආණ්ඩුව දේශබන්දු තෙන්නකෝන්ව සොයායෑමට කටයුතු කළ අකාරයත් දේශබන්දු තෙන්නකෝන් කළ ක්‍රියාවත් දෙකම එකක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

මාධ්‍යට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, දේශබන්දු තෙන්නකෝන්ට ඇත්තේ පළාතේ පොලීසියට නොදී කොළඹින් කණ්ඩයමක් යවා මෙහෙයුමක් කිරීමේ චෝදනාවක් බවත්, දේශබන්දු තෙන්නකෝන් සෙවීමට ආණ්ඩුව කටයුතු කළෙත් ඒ ආකාරයටම බවයි.

ඒනිසා එම කාර්යයන් දෙකම එකක් බවත් දේශබන්දු තෙන්නකෝන් කළ ක්‍රියාවලිය අසාධාරණ බවට කිව නොහැකි බවයි නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ.

එමෙන්ම යම් කිසි කෙනෙකු වරදක් කර ඇත්නම් සමස්ත පොලිස් පද්ධතියටම පහර ගැසීම වැරදි බවත් ඊට අදාළ නීතිය අධිකරණ පද්ධතිය තුළම ක්‍රියාත්මක කරන ලෙසත් ඔහු එහිදී කියා සිටියා.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා :

“ යම් කිසි කෙනෙක් වැරැද්දක් කරලා තියෙනවනම්, ඒක අධිකරණ පද්ධතිය තුළ ක්‍රියාත්මක කරන්න , හැබැයි සමස්ත පොලිස් පද්ධතියටම පහර ගැසීම වැරදියි. එක වෙලාවක හමුදාවෙ හිටපු නිලධාරින් හෝ සෙබළුන් හමුදාව හැර ගිහිල්ලා ඝාතකයෝ බවට පත් වෙලා කියලා, සමස්ත ත්‍රිවිධ හමුදාවටම ගහනවා. අනිත් පැත්තෙන් පොලිස්පතිවරයාගේ ප්‍රශ්නයක් කේන්ද්‍ර කරගෙන මුළු පොලීසියටම ගහනවා. මුළු පොලීසියම සහ පොලීසියෙම ගෞරවය කෙලෙසුවාම, අර යාපනයේ වුණා වගේ අත්අඩංගුවට ගන්න ගියාම පොලීසියටත් ගහලා එලවන තත්වයට පත් වෙනවා. පහුගිය කාලේ ඒක දේශපාලඥයින්ටත් වුණා. දැන් පොලීසියටත් වෙනවා. ඒ හින්දා අපි ආණ්ඩුවට කියන්නේ, නීතිය ක්‍රියාත්මක කරන්න. ඒක කාටද කියන ප්‍රශ්නෙ නෙවෙයි. හැබැයි නීතිය ක්‍රියාත්මක කරන මුවාවෙන් මේ රටේ ආයතනවලට තියෙන ගෞරවය කෙලෙසන්න එපා.

ආණ්ඩුව තීන්දුවක් ගත යුතුයි තමන්ගේ ක්‍රියා කලාපය පිළිබඳව. දැන් දේශබන්දුට තියෙන එක චෝදනාවක් තමයි, පළාතේ පොලීසියට දැනුම් නොදී කොළඹින් කණ්ඩායමක් යවලා මෙහෙයුමක් යන අතරතුර යම් සිදුවිමක් සිද්ධ වුණා. ඒකට උපදෙස් දුන්නා කියලා. හැබැයි ඉතින් එතුමාව හොයන්නෙත් ඒ විදිහටනම්, එතකොට එතුමා කරපු ක්‍රියාවලිය අසාධාරණයි කියලා අපි කොහොමද කියන්නේ. මේ දෙකම එකයිනේ”

RECENT ARTICLES - SINHALA

සිරි දළදා දැක්ම යොදා මූල්‍ය වංචාවක් කළ බවට සුදත්තට චෝදනා

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සුදත්ත තිලක්සිරි නැමැත්තා 'සිරි දළදා දැක්මට' පහසුකම් සැපයීමට බව පවසමින් සංවිධානයක් පිහිටුවාගෙන මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවට චෝදනා කරමින් පාර්ශ්ව කිහිපයක්...

යුක්‍රේනයේ සාමය වෙනුවෙන් සෙලෙන්ස්කි ලංකාවේ සහාය ඉල්ලලා

යුක්‍රේනයේ නව ශ්‍රී ලංකා තානාපති හසාන්ති දිසානායක මහත්මිය එරට ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි මුණගැසී තිබෙනවා. යුක්‍රේනයට තේරීපත්වී ආ ශ්‍රී ලංකා සහ ගෝතමාලා නව තානාපතිවරියන් අක්තපත්‍ර භාරදීමේ...

පොලිසියට, පොලිසියේ දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

පුද්ගලයෙකු පැහැරගෙන ගොස් මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ වැලිකඩ පොලිස් ස්ථානයේ කොස්තාපල්වරු දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් සිව් දෙනකු රඳවාගෙන ප්‍රශ්නකරන බව කෙසෙල්වත්ත පොලීසිය...

POPULAR ARTICLES

සිරි දළදා දැක්ම යොදා මූල්‍ය වංචාවක් කළ බවට සුදත්තට චෝදනා

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සුදත්ත තිලක්සිරි නැමැත්තා 'සිරි දළදා දැක්මට' පහසුකම් සැපයීමට බව පවසමින් සංවිධානයක් පිහිටුවාගෙන මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවට චෝදනා කරමින් පාර්ශ්ව කිහිපයක්...

යුක්‍රේනයේ සාමය වෙනුවෙන් සෙලෙන්ස්කි ලංකාවේ සහාය ඉල්ලලා

යුක්‍රේනයේ නව ශ්‍රී ලංකා තානාපති හසාන්ති දිසානායක මහත්මිය එරට ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි මුණගැසී තිබෙනවා. යුක්‍රේනයට තේරීපත්වී ආ ශ්‍රී ලංකා සහ ගෝතමාලා නව තානාපතිවරියන් අක්තපත්‍ර භාරදීමේ...

ඉන්දියානුවෙක් අතට ගිය ඇමරිකාවේ සෞඛ්‍ය

එක්සත් ජනපද සෙනෙට් සභාව ස්ටැන්ෆර්ඩ් වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්යවරයකු වන ඉන්දියානු සම්භවයක් ඇති ජේ බහත්තාචාර්යා ජාතික සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ලෙස පත් කිරීම තහවුරු කර තිබෙනවා. එක්සත්...