අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු එල්.ටී.ටී.ඊ. සිරකරුවන් හමුවීම සඳහා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හෙට (16) දිනයේදි එම බන්ධනාගාරය වෙත යෑමට නියමිත බව වාර්තා වනවා.
හිටපු බන්ධනාගාර කළමනාකරණය හා සිරකරුවන් පුනරුත්තාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් එම බන්ධනාගාරයට ඇතුළු වී ගිනි අවියක් පෙන්වා සිරකරුවන්ට කිසියම් හිංසාවක් සිදු කිරීම සම්බන්ධව ඔවුන් විසින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත දන්වා ඇති බවත් ඒ අනුව, එම සිරකරුවන් හමුවීම වෙනුවෙන් අනුරාධපුර බන්ධනාගාරය වෙත යෑමට නියමිත බවත් පැවසේ.