හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (24) පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.
එහිදී ප්‍රකාශයක් ලබාදීම සඳහා තමා කැඳවා ඇති බව නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියා.
මෙහිදි අදහස් දැක්වු නාමල්,
“කාරණාව දන්නේ නෑ. හොඳයිනේ කැඳවන එක. අපිට තියෙන චෝදනා නැති කරගන්න තියෙන එකම ක්‍රමය මේකට ඇවිල්ලා යන එක තමා. මොකද අවබෝධයෙන් බොරු කියපු අයනේ ඉන්නේ. අපි අවබෝධයෙන් බොරු කියන අය නෙමෙයි. අපි අවබෝධයෙන් කටඋත්තරය දීලා එන්නම්.”