අමාත්‍ය ධූරය අහිමිවූ නාමල් රාජපක්ෂ මැයි 09 වනදා කුප්‍රකට ප්‍රහාරයෙන් අනතුරුව ජනමාධ්‍යවලින් ඈත්වී සිටියත් ඊයේ (18) දිනයේ යළිත් කරළියට පැමිණ තිබෙනවා.
ඒ අනුව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සහ ප්‍රවාහන ක්ෂේත්‍රය නියෝජනය කරන සංවිධාන නියෝජිතයන් අතර සාකච්ඡාවකට ඔහුද සහභාගී වෙමින්.
මෙම සාකච්ඡාවට වෘත්තීය ත්‍රිරෝද රථ, පෞද්ගලික බස් රථ, පාසල් සහ කාර්යාල ප්‍රවාහන සේවා, බහාලුම් ප්‍රවාහන සේවා සහ වාණිජ ප්‍රවාහන වාහන ඇතුළු ප්‍රවාහන අංශ කිහිපයක් නියෝජිතයින්ට පැමිණ සිටියා.
ඉන්ධන හිඟයක් පවතින අවස්ථාවක එම ප්‍රවාහන අංශවලට අවම බාධාවකින් තොරව ක්‍රියාත්මක වීමට හැකි වන පරිදි ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලියක් විධිමත් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.
නාමල් රාජපක්ෂ මෙම සාකච්ඡාවට සහභාගී වෙමින් නැවත වරක් මාධ්‍ය ඉදිරියේ පෙනී සිටිමින් දේශපාලනයෙහි නිරතවීම පිළිබදව මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩිව විවේචනයට ලක්වෙමින් තිබෙනවා.
ඒ ඔහුගේ පියා වන හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ සමුගැනීමේ සාදය වෙනුවෙන් රටම ගිනි අවුලා පිටව යෑම හේතුවෙන්.