25.7 C
Colombo
Monday, December 16, 2024

නාමල්ගේ නීති උපාධිය ගැනත් පරීක්ෂණයක්

- Advertisement -

නාමල් රාජපක්ෂ මහතා නීති උපාධිය ලබාගත් ආකාරය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලයේ සභාපති, ජාමුනි සමන්ත තුෂාර විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

ඔහු පැමිණිල්ල ඉදිරිපත් කරමින් සඳහන් කර සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වංචනිකව නීතිවේදී විභාගයට පෙනී සිට නීතිවේදී උපාධිය ලබාගෙන ඇති බවයි.

එදිනම නීතිවේදී විභාගය සඳහා පෙනී සිටි, මේ වනවිට විදේශගතව සිටිනා තරුණයෙකු විසින් එවකට නාමල් රාජපක්ෂ මහතා මෙලෙස වායුසමනය කළ තනි කාමරයක අසුන් ගෙන, විභාගයට පෙනී සිටීම සම්බන්ධව රටේ සියළුම වගකිවයුතු අංශ වෙත පැමිණිලි කර තිබෙන බව ජාමුනි සමන්ත තුෂාර පවසා සිටිනවා.

නමුත් එම සෑම ස්ථානයකින්ම අදාල පැමිණිල්ල හෝ සටහන් කර නොගෙන එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පසුව අදාල තරුණයා පැහැර ගැනීම්වලට පවා ලක්වී ඇති අතර ජීවිත ආරක්ෂාව පතා රටින් පිටවී ඇති බවත්, මේ වනවිට එම තරුණයා ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙනා පරීක්ෂණ සඳහා සාක්ෂි ලබාදීමට සූදානමින් සිටිනා බැවින් එම සාක්ෂි ලබාගෙන විධිමත් පරීක්ෂණයක් සිදුකරනා ලෙස ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

සහල් වැඩි මිලට විකිණූ වෙළඳුන් ගැන තීරණයක්

සහල් අලෙවි කිරීම සම්බන්ධ වැටලීම්වලින් 6කට අදාළව අධිකරණ තීන්දු ලැබී ඇති අතර එමඟින් රුපියල් ලක්ෂ 7ක මුදලක් දඩ ලෙස අය කරගන්නා ලෙසට නියෝග ලැබී...

දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව ඉහළට

පසුගිය 16 වන දින සිට උතුරු, උතුරු මැද, නැගෙනහිර පළාත්වලට පසුගිය දිනවල ඇද හැළුණු අධික වර්ෂාව හමුවේ දිවයිනේ ප්‍රධාන සහ මධ්‍යම ජලාශ බොහෝ ප්‍රමාණයක...

මන්ත්‍රී අර්චුනා ඇප මත මුදා හැරලා

යාපනය ශික්ෂණ රෝහලට පැමිණ එහි අධ්‍යක්ෂකවරයාට සහ නිළධාරීන්ට බැන තර්ජනය කළ බවට චෝදනා එල්ල වූ පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා සහ ඔහු සමග සිටි කාන්තාවක...

POPULAR ARTICLES