රජයට එරෙහිව නැගෙන දැවැන්ත ජනතා විරෝධතා මධ්‍යයේ අමාත්‍ය නාමල් රාජපක්ෂගේ බිරිඳ ලිමිණී රාජපක්ෂ සහ ඇයගේ දෙමාපියන් අද උදෑසන රටින් පිටව ගොස් ඇති බව News19 වෙත තහවුරු වනවා.
ලිමිණි රාජපක්ෂ සහ ඇයගේ දෙමාපියන් දිවයිනෙන් පිටව ගොස් ඇත්තේ හෙළි නොකළ ස්ථානයකට බව ආරංචි මාර්ග තහවුරු කළා.
මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අනෙක් ලේලියන් දෙදෙනා වන රෝහිත රාජපක්ෂගේ බිරිදත්, බවට විවිධ වාර්තා පලවුවත් ඒවා තවම තහවුරු වී නැහැ.
කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ රාජපක්ෂ පවුලට සම්බන්ධ පුද්ගලයන් 9 දෙනෙකු රට හැර ගිය බව ඉතාමත් විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග තහවුරු කළා.
අදාළ ගුවන්යානය මාලදිවයින හරහා ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.