ප්‍රවීන ගායිකා විශාරද නන්දා මාලනියන්, මහාචාර්ය සුනිල් ආරියරත්න, ප්‍රවීන රංගන ශිල්පිනී ස්වර්ණා මල්ලවාරච්චි, සිනමා විචාරක බුද්ධදාස ගලප්පත්ති ඇතුළු කලාකරුවන් පිරිසක් අද (12) උදෑසන ‘ගෝඨාගෝ ගම’ පිහිටි ගාලු මුවදොර පිටිය අසළට පැමිණියා.
එහිදී විරෝධතා පුවරු අතැතිව පැමිණි ඔවුන් අරගලකරුවන්ට සහය දක්වමින් විරෝධතාවයේ නිරත වුණා.

