කොළඹ නොළුම් පොකුණ ආසන්නයේ නන්දා මෝටර්ස් වාහන ප්‍රදර්ශන ආයතනය තුළට ටොයෝටා Toyota Land Cruiser V8 වර්ගයේ රථයක් කඩාවැදී අනතුරක් සිදුකර තිබෙනවා. අදාල අනතුරෙන් වාහන ප්‍රදර්ශනාගාරයේ තිබූ වාහන කිහිපයකට දැඩිලෙස අලාභහානි සිදුව ඇති අතර අනතුර සිදුකල V8 රථයටද හානි සිදුව තිබෙනවා. මෙම රථය තරුණියක් විසින් ධාවනය කර තිබෙනවා. අධික වේගයෙන් පැමිණි රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව අනතුර සිදුව ඇති බවටත්, ඇයට රියදුරු බලපත්‍රයක් හෝ නොමැති බවටත් මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.
කෙසේ වෙතත් මෙම අනතුර සම්බන්දයෙන් අපූරු තොරතුරු රැසක් වාර්තා වනවා.
අනතුර සිදුවූ අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් මෙම අනතුර සම්බන්දයෙන් වූ සිදුවීම් වසන් කරන්නට උත්සහ කල බවට යම් යම් කරුණු වාර්තාවනවා. ඒ මෙම තරුණියගේ පියා නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් රත්නායක බවට දැනගත් පසුවයි. අනතුර සිදුවූ අවස්ථාවේදී පොලීසිය බලා සිටියදී V8 රථයේ අංක තහඩුවද මෙලෙස ගලවා ඉවත්කර තිබෙනවා.
මෙම ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ පුත්‍රයා වන නවිදු උමේෂ් රත්නායක 2019 වසරේ බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඩිෆෙන්ඩර් රථයකින් අනතුරට ලක්කර පළාගොස් තිබුණා.
පසුව සති කිහිපයක් රෝහල්ගත කර සිටි ඒ මහතා ජීවිතක්ෂයට පත්වුණා.