27.9 C
Colombo
Saturday, April 5, 2025

Breaking: නටාෂා එදිරිසූරියට ඇප

- Advertisement -

මෝඩාභිමානය ” නමැති ප්‍රහසන වැඩසටහනකදී බෞද්ධාගමට අපහාස්‍ර වන අයුරින් අදහස් දැක්වීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නතාෂා එදිරිසූරියට එරෙහි නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රත් අධිකරණයේදී අද (05) පෙරවරුවේ විභාගයට ගැණුනා.

එහිදී මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේ ලබන 19 වැනිදා දක්වා ඇයව තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

සැකකාරියට එරෙහිව දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ චෝදනා ගොනුකර ඇති බව කියමින් ඇය වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ ශවෙන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඇතුළු නීතිඥ මඩුල්ලක් සිදුකළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත් වරයා මෙම නියෝගය නිකුත් කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ඉදිරි දින අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

එමෙන්ම ඇයට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබදව ජාත්‍යන්තර සම්මුති පනත (ICCPR) යටතේ ගැනෙන චෝදනා සම්බන්ධයෙන් වන නඩුව අද දහවල් කොළඹ අංක 04 මහාධිකරණයේදී විභාගයට ගැණුනා.

එහිදී මහාධිකරණය නියෝග කළේ ඇයට ඇප ලබාදීමටයි.

ඇය වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා මෙම නියෝගය නිකුත් කළා.

එම ඇප ඉල්ලීමට විරුද්ධ නොවන බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කල දැනුම්දීමෙන් පසුව විනිසුරුවරයා ඇප නියෝගය ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව ඇය රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා නියම කළා.

RECENT ARTICLES - SINHALA

ඉන්දු – ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගැනේ

ඉන්දීය - ශ්‍රී ලංකා ඒකාබද්ධ මාධ්‍ය හමුව සහ ද්වීපාර්ශ්වික ගිවිසුම් අත්සන් කිරීමේ නිල රාජ්‍ය උත්සවය මේ වනවිට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙනවා. ඒ අනුව එහිදී බලශක්ති...

කොළඹ විරෝධතාවයකට අධිකරණයෙන් නියෝගයක්

කොළඹදී අද (05) සිදුකිරීමට සැලසුම් කර තිබෙන බව කියන උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් පොලීසිය කොටුව අධිකරණයට කරුණු වාර්තා කර වාරණ නියෝගයක් ලබාගෙන තිබෙනවා. ඒ , පෙරටුගාමී...

අගමැති මෝදි ජනාධිපති කාර්යාලයට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයට පැමිණ තිබෙනවා. ජනාධිපති කාර්යාලය වෙත...

POPULAR ARTICLES