චීනයේද රැකියා විරහිතභාවය ඉහළ ගොස් ඇති බව එරට ජාතික සංඛ්‍යාන කාර්යංශය නිකුත් කළ වාර්තාවක් මගින් අනාවරණය වී තිබේ.
එම වාර්තාවට අනුව ජූනි මාසයේ සියයට පහක් වූ එම අනුපාතය ජූලි මාසයේදී තවත් දශම එකකින් ඉහළ ගොස් ඇති අතර නාගරික ප්‍රදේශවල ,තරුණ කණ්ඩායම් අතර රැකියා විරහිත තත්වයන් පුලුල් ලෙස ඉහළ ගොස් ඇත.
ෆුඩාන් සරසවියේ මහාචාර්ය යාඕ කායි සදහන් කර ඇති අන්දමට වයස අවුරුදු 16 ත් 24 ත් අතර වන තරුණ ජනගහනයෙන් සියයට 16.2 ක් රැකියා විරහිතභාවයෙන් පීඩා විදිති.
මේ වසර අවසානයේ තරුණ තරුණියන් මිලියන නවයක් උපාධි ලබාගැනීමට නියමිත බවත් ඒ සමගම තත්වය වඩාත් සංකීර්ණ විය හැකි බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත.
කොරෝනා වසංගතය, ගංවතුර වැනි ස්වභාවික විපත්, සහ දැඩි නීති රීති මෙම තත්වයට හේතුවී ඇති බව මේ සම්බන්ධ විශේෂඥ මතයයි.