26 C
Colombo
Monday, April 28, 2025

නීති විරෝධීව වියලි කහ රැගෙන ආ පිරිසක් නාවික හමුදා භාරයට

- Advertisement -

නීති විරෝධී ලෙස වියලි කහ තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ සැකකරුවන් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඒ සමග ඔවුන් විසින් ගෙන ආ වියලි කහ කිලෝ 145ක තොගයක්ද නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි නාවික හමුදාව පවසන්නේ.

පසුගිය 13 වැනි දින උඩප්පුව කරුකපනේ මුහුදු ප්‍රදේශයේ සහ එම වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදි සැකකරුවන් හසුව තිබෙනවා. 

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 22-55ත් අතර පසුවන අයවලුන් වන අතර ඔවුන් බංගදෙනිය, වයික්කාල සහ කල්පිටිය යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවද නාවික හමුදාව සඳහන් කළා.

එම සැකකරුවන් පිරිස සහ වියලි කහ තොගය සමග ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කයුතු කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

දළදා වන්දනාව සාර්ථකයි-දළදා මාලිගාවෙන් නිවේදනයක්

සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ආශිර්වාදාත්මකව ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බව දැනුම් දෙමින් මල්වතු මහා විහාරය, අස්ගිරි මහා විහාරය සහ ශ්‍රී දළදා මාළිගාව ඒකාබන්ධ...

කෝප් කමිටුවෙන් දූෂිතයින්ට නඩු

රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබෙනවා. මෙහි පළමු පියවර ලෙස දූෂණ සහ අක්‍රමිකතා සිදුවන සියලුම රාජ්‍ය...

උඩුවර නායයෑමක් – කාන්තාවක් සහ දරුවෙකු රෝහලට

හාලිඇළ, උඩුවර පහකණුව ප්‍රදේශයේ අද (27) සවස සිදුවූ නායාමක් හේතුවෙන් නිවසක කොටසක් සම්පූර්ණයෙන්ම කැඩී ගොස් තිබෙනවා. නිවසේ කැඩී ගිය සුන්බුන් අතර සිරිවී සිටි දරුවෙකු සහ...

POPULAR ARTICLES