මහ බැංකු බැඳුම්කර වංචාවට සෘජුව හා වක්‍රව හවුල් වූ අය නීතිය හමුවට ගෙනවිත් දඬුවම් දෙන්නට අපරාධයකින් උපයා ගත් දේපොළ පවරා ගැනීමේ පනත මගින් හැකියාව ලැබෙන බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.
අද (08) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුනිල් හඳුන්නෙත්ති මහතා :
“මහ බැංකු බැඳුම්කර වංචාවට සෘජුව හා වක්‍රව හවුල් වූ අය නීතිය හමුවට ගෙනවිත් දඬුවම් දෙන්නැයි ජනතාව ඉල්ලා සිටියා. මේ පනත හරහා අධිකරණ ඇමතිවරයාට ක්‍රියාත්මක වන්න අවස්ථාව තිබෙනවා. ඒ වගේම සීනි බදු වංචාවෙන් ජනතාවට රජයට වෙච්ච පාඩුවට වග කිවයුත්තන් අනාවරණය කරගෙන දඬුවම් දෙන්න බලයක් මේ පනතින් ලැබෙනවා.