28 C
Colombo
Friday, October 18, 2024

චිත්‍රපට සංස්ථාවට සහ පදනම් ආයතනයට නව අධ්‍යක්ෂ මණ්ඩල පත් කෙරේ

- Advertisement -

ජාතික චිත්‍රපට සංස්ථාවට සහ ශ්‍රී ලංකා පදනම් ආයතනයට නව අධ්‍යක්‍ෂ මණ්ඩල පත් කර තිබෙනවා.

ඒ, බුද්ධශාසන ආගමික කටයුතු, ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්‍ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා විසින්.

ඒ අනුව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ ඩබ්ලිව් ප්‍රින්ස් සේනාධීර මහතායි. තවත් සාමාජිකයන් හත් දෙනෙකු එහි අධ්‍යක්‍ෂ මණ්ඩලයට පත් කර තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපතිවරයා ලෙස එස් එම් සමන් සමරකෝන් මහතා පත් කර ඇති අතර ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අධ්‍යක්‍ෂ මණ්ඩලයට තවත් සාමාජිකයින් 09 දෙනෙකු අයත්.

ජාතික චිත්‍රපට සංස්ථාවට සහ ශ්‍රී ලංකා පදනම් ආයතනයට අධ්‍යක්ෂ මණ්ඩල කිරීම අද (18) ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

පසුගිය කාලය තුළ චිත්‍රපට නිදහස් කිරීමේදී ඒ සම්බන්ධයෙන් පෞද්ගලික හිතවත්කම් අදාළ වූ බවට චෝදනා තිබූ බවත්, නව අධ්‍යක්ෂ මණ්ඩලය ඒ සම්බන්ධයෙන් මැදිහත්වී සාධාරණව චිත්‍රපට නිදහස් කිරීමේ කටයුතු සිදුකළ යුතු බවත් ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළා.

එහිදී පත්වීම් ලැබූ පිරිස මෙසේය,

ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය

සභාපති – ඩබ්. ප්‍රින්ස් සේනාධිර

සෙසු සාමාජිකයන් –

ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන

එම්. ඩී. මහින්දපාල

ඩබ්. ජී. ටිතිර වික්මල්

නීතිඥ දක්ෂිකා තිසරංගනී පෙරේරා

එම්. එස්. කේ. ජේ. බණ්ඩාර

බී. එන්. දම්මින්ද කුමාර

වයි. අයි. ඩී. ගුණවර්ධන

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය

සභාපති  – එස්.එම්. සමන් සමරකෝන්

සෙසු සාමාජිකයන් –

මහාචාර්ය කේ. එස්. වන්නිආරච්චි

ආචාර්ය ඒ. එම්. එස්. අතපත්තු

ඉංජිනේරු ඩී. එස්. කේ. එස්. ජයලත්

එම්. කේ. ප්‍රසංග චතුරංග

පී.ඩබ්. ඩී. තිසරංගනි පෙරේරා

ජී. එච්. වයි. මංජුල සිරිසෝම

ජෙයචන්ද්‍රමූර්ති රජීවන්

ආචාර්ය එම්. කේ. ද පැස්කුවෙල්

අයි. ජී. සුලක්ඛනා කුමාරි

RECENT ARTICLES - SINHALA

මින්නේරිය ඛේදවාචකය ගැන පරික්ෂණයක්

ඉන්ධන ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් වන අලි දෙදෙනෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි එන්.ජේ ඉදිපොළගේ මහතා සඳහන්...

සමහර ජ්‍යෙෂ්ඨයෝ ගිය එක අපිට ජයග්‍රහණයක් – නාමල්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකු එම පක්ෂයෙන් ඉවත්වීම පක්ෂය ලැබූ දේශපාලන ජයග්‍රහණයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා...

HPV එන්නත ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

ගැබ්ගෙල පිළිකා ඇතිවීමේ අවදානම අවම කිරීම සඳහා HPV එන්නත ලබාගැනීමෙන් පසු කළුතර දිස්ත්‍රික්කයේ විදුහලක සිසුවියන් පස් දෙනෙකු රෝහල්ගත කිරීම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශය කරුණු දක්වා...

POPULAR ARTICLES

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

ඉන්දියාවට ඓතිහාසික ටෙස්ට් පරාජයක්

තරග 03කින් සමන්විත නවසීලන්ත - ඉන්දියා ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය මේ වනවිට (17) ආරම්භ වී තිබෙනවා. තරගය ඊයේ (16) දින උදෑසන 9.15ට ආරම්භ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...