30 C
Colombo
Sunday, November 17, 2024

නව මහබැංකු අධිපතිගෙන් කබ්රාල්ට කණේ පහරක්..!

- Advertisement -

මුදල් අච්චු ගැසීම හේතුවෙන් උද්ධමනය ඉහළ ගොස් ඇතැයි නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

නව මහ බැංකු අධිපතිවරයා ඒ බව පැවසුවේ, ඊයේ (08) පස්වරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින්.

මුදල් ප්‍රතිපත්තිය සහ මහබැංකුවේ අරමුණ ක්‍රියාත්මක කිරීමේදී එහි ප්‍රධාන වගකීම දරනු ලබන්නේ මහබැංකුවේ අධිපතිවරයා බවයි ඔහු අවධාරණය කරන්නේ.

කෙසේ නමුත්, පෙර සිටි මහබැංකු අධිපතිවරයා වන අජිත් නිවාඩ් කබ්‍රාල් විසින් නැවත නැවතත් කියා සිටියේ මුදල් අච්චු ගැසීම සහ උද්ධමනය අතර කිසිඳු සම්බන්ධතාවයක් නොමැති බවයි.

ඔහු එසේ පැවසුවද ලෝකයේ ආර්ථික විශේෂඥයින් පෙන්වා දුන්නේ මෙරට මුදල් අච්චු ගැසීම දිගින් දිගටම සිදු වූවහොත් මෙරට උද්ධමනය 56% දක්වා ඉහළ යා හැකි බවයි.

RECENT ARTICLES - SINHALA

පානදුරේදී පාසල් සිසුන් 6ක් අත්අඩංගුවට

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය පවසනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව...

IMF නියෝජිතයින් පිරිසක් අද දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද (17) මෙරටට පැමිණීමට නියමිතයි. ඔවුන් 23 වනදා දක්වා මෙරට රැඳී සිටින බවයි පැවසෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී...

නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම හෙට

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ඒ අනුව හෙට පෙරවරු 10.00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ...

POPULAR ARTICLES