29 C
Colombo
Friday, April 18, 2025

ටාටා සමුහයේ නව සභාපති පත් කෙරේ

- Advertisement -

ලොව පිළිගත් ටටා සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රතන් ටාටාගේ අභාවයෙන් පසු එම සමාගමට නව සභාපතිවරයෙක් පත් කරන්නට එම සමූහය කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව රතන් ටාටාගේ බාල සොහොයුරා වන නොයෙල් ටාටා නව සභාපතිවරයා ලෙස පත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

රතන් ටාටාගේ මරණයෙන් දිනකට පසු මෙම නව පත් කිරීම සිදුකිරීම ද විශේෂත්යක්.

ටාටා ට්‍රස්ට් නිවේදනයක් නිකුත් කරමින් අද (11) කියා සිටියේ එහි සභාපතිවරයා ලෙස නොයෙල් ටාටා ඒකමතිකව තෝරා ගත් බවයි.

මෙම පත්කිරීමත් සමඟ නොයෙල් ටාටා පැවසුවේ එම අවස්ථාව තමාට ගෞරවයක් බවත්, තම සහෝදරයාගේ උරුමය ඉදිරියට ගෙන යාමට තමා බලාපොරොත්තු වන බවයි.

67 හැවිරිදි නොයෙල් ටාටා ටටා සමූහ ව්‍යාපාරයේ සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලවල කටයුතු කර තිබෙනවා.

ටටා සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රතන් ටාටා අවිවාහකක් වන අතර, ඔහු ප්‍රසිද්ධියේ ඔහුගේ පසු සමාගමට නායකත්ව දෙන අනුප්‍රාප්තිකයෙකු නම් කර තිබුනේ නැහැ.

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ සභාපති ලෙස කටයුතු කළ රතන් ටාටා පසුගිය දා අභාවප්‍රාප්ත වූ අතර, ඒ වනවිට ඔහු 86 වන වියේ පසු වුණා.

RECENT ARTICLES - SINHALA

T56 ජීවඋණ්ඩ 50ක් සමඟ තරුණයෙක් අත්අඩංගුවට

පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවෙක් සිදුකළ අනාවරණයක් අනුව T56 ගිනිඅවි සඳහා භාවිත කරන ජීවඋණ්ඩ 50ක් සහ තියුණු ආයුධයක් සොයාගැනීමට අතුරුගිරිය පොලීසිය සමත්වී තිබෙනවා. එම සැකකරු ඉකුත්...

දසුන් ශානකට IPL දොරටු විවෘත වෙයි

මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක් වූ ගුජරාට් ටයිටන්ස් ක්‍රීඩක ග්ලෙන් පිලිප්ස් වෙනුවට තුන්ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට...

කැකිරාවේ ගෙවත්තක පිළිස්සුණු කාන්තා මළ සිරුරක්

කැකිරාව පොලිස් වසමට අයත් මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගින්නෙන් පිලිස්සුන කාන්තා මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා. කැකිරාව පොලිසියට ලද තොරතුරක් අනුව කැකිරාව පොලිස් ස්ථානයේ අපරාධ...

POPULAR ARTICLES