ඇමරිකා එක්සත් ජනපදයේ දින 30කට වැඩි කාලයක් පදිංචිව සිටින සියලුම විදෙස් ජාතිකයින්ට එරට රජය නව නීතියක් හඳුන්වා තිබෙනවා.
ඒ, එරට වෙසෙන ලියාපදිංචි නොලත් සංක්‍රමණිකයන්, වීසා බලපත්‍රලාභීන් නීත්‍යානුකූල ස්ථිර පදිංචිකරුවන් සහ වලංගු ලියකියවිලි නොමැතිව එරටට ඇතුළු වී ඇති අයට අදාළ වන පරිදියි.
ඒ අනුව, ඇමරිකාව මේ වන විට දින 30කට වැඩි කාලයක් පදිංචිව සිටින සියලු දෙනා එරට රජයේ ලියාපදිංචි වීම අනිවාර්යය කර ඇති අතර එලෙස ලියාපදිංචි වීමට අපොහොසත් වුවහොත් දැඩි දඬුවම්වලට මුහුණ පෑ හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.
2025 අප්‍රේල් 11 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම නීතිය හඳුන්වා දී ඇති අතර එරට රජය දැනුම් දී ඇත්තේ, වයස අවුරුදු 18 සහ ඊට වැඩි ඇමරිකානු පුරවැසියන් නොවන සියලු දෙනා, තමා නීත්‍යානුකූලව එරට ලියාපදිංචිවී ඇති බවට තහවුරු කරන සාක්ෂි සෑම විටෙකම සන්තකයේ තබා ගත යුතු බවයි.