25 C
Colombo
Sunday, January 12, 2025

වසර 9ක් පුරා ඉදිවෙන මහල් 16ක නව සෞඛ්‍ය අමාත්‍යාංශය

- Advertisement -

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව කාර්යාල සංකීර්ණ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ඉදිරි වසර දෙක තුළ අවසන් කරන ලෙසත්, මහල් 07 ක වැඩ මෙම වසර තුළ අවසන් කරන ලෙසත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ කාසල්වීදිය කාන්තා රෝහලට යාබදව ඉදිකෙරෙන මහල් 16 කින් යුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව කාර්යාල සංකීර්ණ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතුවල වත්මන් තත්ත්වය පරීක්ෂාවට ලක් කිරීමෙන් පසුව පැවැති සාකච්ඡාවක දී යි.

2016 වසරේ දී වැඩ ආරම්භ කරන ලද මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හමුවේ නතරව පැවැති අතර, රජයේ අරමුදල් යොදවා නැවත ඉදිකිරීම් කටයුතු මේ වනවිට ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙහිදී අමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් දී තිබෙන්නේ මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොටසක් පෞද්ගලික ගොඩනැගිල්ලක කුලී ගෙවමින් පවත්වාගෙන යනු ලබන අතර, එම බදු කාලය දීර්ඝ නොකර හැකිතාක් ඉක්මණින් එම කාර්යාල මෙම නව ගොඩනැගිල්ලට රැගෙන ඒමට අදාළ මූලික සැලසුම් සකස් කරන ලෙසයි.

එමෙන් ම මෙම සම්පූර්ණ ගොඩනැගිල්ල වසර දෙකකට අඩු කාලයක් තුළ ඉදිකර අවසන් කිරීමට සැලසුම් සකස් කරන ලෙසත් මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයට (CECB) අමාත්‍යවරයා මෙහිදී පවසා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මධ්‍යම අධිවේගයේ පළමු අධියරට යළි ටෙන්ඩර් කැඳවන්නැයි ඉල්ලිමක්

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ බොහෝ කාලයක් ප්‍රමාද වී තිබෙන පළමු අදියර සඳහා 2015-16 වසරේදී චීනයේ එම්.සී.සී සමාගමට ලබාදී ඇති සෘජු කොන්ත්‍රාත්තුව අවලංගු කරමින් විවෘත...

වරායේ බහාලුම් නිෂ්කාශන තදබදයට විසඳුම්

ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදය ඉදිරි දින හතර තුළ අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී...

අනුරාධපුරේ මහ වැව් 9ක් වාන් දමයි

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධානතම ජලාශ 14 න් ජලාශ 09 ක්ම වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කලාප වාරිමාර්ග...

POPULAR ARTICLES

මධ්‍යම අධිවේගයේ පළමු අධියරට යළි ටෙන්ඩර් කැඳවන්නැයි ඉල්ලිමක්

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ බොහෝ කාලයක් ප්‍රමාද වී තිබෙන පළමු අදියර සඳහා 2015-16 වසරේදී චීනයේ එම්.සී.සී සමාගමට ලබාදී ඇති සෘජු කොන්ත්‍රාත්තුව අවලංගු කරමින් විවෘත...

වරායේ බහාලුම් නිෂ්කාශන තදබදයට විසඳුම්

ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදය ඉදිරි දින හතර තුළ අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී...

දිගු වුණ ෂකීබ්ගේ තහනම

පන්දුව දමාගසන බවට චෝදනා එල්ල වී සිටින බංග්ලාදේශ හිටපු නායක ෂකීබ් අල් හසන්, තම පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගැනීමට පෙනී සිටි දෙවන පරීක්ෂණයෙන් ද...