ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළු සියලු ක්‍රීඩාවන් සඳහා මහජනයාට වගකියන, විනිවිදීභාවයෙන් යුත් තේරීම් කමිටු පත් කිරීමට නව රෙගුලාසි පැනවීමට තීරණය කළ බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.
ඔහු කියා සිටියේ මේ අනුව එක් එක් ක්‍රීඩාවට අදාළ ජාතික තේරීම් කමිටු සඳහා අදාළ රෙගුලාසි කඩිනමින් ප්‍රකාශයට පත් බවයි.
මෙම රෙගුලාසි අනුව තේරීම් කමිටු සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල්වරයා වෙත අයදුම්පත් යොමු කළ යුතු වනවා.
ඉන්පසු අදාළ අයදුම්පත්වල පිටපත් ජාතික තේරීම් කමිටු වෙත ඉදිරිපත් කළ යුතුයි.
ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මේ අනුව ජාතික තේරීම් කමිටුවේ නිරීක්ෂණ යටතේ එක් එක් ක්‍රීඩාවන්ට අදාළ තේරීම් කමිටු පත්කිරීමට පියවර ගන්නා බවයි.