25 C
Colombo
Saturday, December 28, 2024

ප්‍රතිජීවක ඖෂධ භාවිතයට නව නීති

- Advertisement -

මෙරට ප්‍රතිජීවක ප්‍රතිරෝධය පාලනය කිරීම සදහා ඖෂධ ගෙන්වීමේ සිට නිර්දේශ කිරීම දක්වා වන ක්‍රියාවලිය විධිමත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

විද්‍යාත්මකව ඒ සදහා අවශ්‍යකරන නව නීති ගෙනඒම, නීති ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සහ ජනතාව දැනුවත් කිරීම‍ට විධිමත් සැළැස්මක් සකස් කරන බව ද අමාත්‍යවරයා පැවසුවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ “ලෝක ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාවය පිළිබඳව දැනුවත් වීමේ සතිය” (Wold Antimicrobial Resistance Awareness Week)” වෙනුවෙන් පැවැති ජනතාව දැනුම්වත් කිරීමේ පාගමනට අද (27) එක්වෙමින්.

මෙම පා ගමන කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා සංවිධානය කර තිබුණා.

පාලනයකින් තොරව ප්‍රති-ක්ෂුද්‍රජීවී ඖෂධ භාවිතයෙන්, ප්‍රතිවිරෝධය ඇති වී එම ඖෂධ වල නාශක ගුණය හීන වී, රෝග වසංගත තත්ත්වයන් වලට උත්සන්න වී මනුෂ්‍ය වර්ගයා ඇතුළු ජෛව ගෝලය විනාශයට පත්විය හැකි බවට මේ වනවිට සෞඛ්‍ය අංශ අනතුරු හගවනවා.

මෙම තත්ත්වය පිළීබදව ජනතාව දැනුවත් කිරීම මෙම පාගමනේ මුලික අරමුණක් වුණා.

ප්‍රතිජීවක ප්‍රතිරෝධය පාලනය කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළ ප්‍රමුඛතාවයක්.

RECENT ARTICLES - SINHALA

වියදම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයින් ගැන පොලිස් විමර්ශන

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව වියදම් වාර්තා භාරනොදුන් අපේක්ෂකයින් ඇතුළු පිරිස් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට අපේක්ෂා කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා සඳහන් කර ඇත්තේ...

මිලියන 9ක අල්ලසක් ගත් ව්‍යාපාරිකයන් දෙන්නෙක් අත්අඩංගුවට

රුපියල් මිලියන 9ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් දෙදෙනෙක් පිටකෝට්ටේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අල්ලස් කොමිසම පැවසුවේ වෙනත් ව්‍යාපාරිකයෙකුගෙන් එම අල්ලස ලබාගන්නා අවස්ථාවේදී ඔවුන්...

දෙසැම්බරයේ ගතවූ කාලය තුළ සංචාරකයින් 191,465ක් මෙරටට

මෙම මාසයේ ගතවූ කාලය තුළ සංචාරකයින් 191,465 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, 2024  වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින්...

POPULAR ARTICLES