25 C
Colombo
Thursday, January 9, 2025

කොළඹ උපකුලපතිනිය ඉවතට. ජනපතිගෙන් නව උපකුලපතිවරයෙක්

- Advertisement -

කොළඹ විශ්වවිද්‍යාලයේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න පත් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා සදසහන් කරන්නේ අදාළ පත්වීම අද (12) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිදුකල බවයි.

කෙසේ වෙතත් මෙම නව ධූරය මෙම වසරේ අප්‍රේල් 12 වැනි දින සිට බලපැවැත්වෙන බවද නිවේදනයේ සදහන්.

මේ වන විට කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති ධූරය මහාචාර්ය චන්ද්‍රිකා එන්. විජේරත්න මහත්මිය හොබවනවා.

ඇය පසුගිය 2019 වසරේ අප්‍රේල් 12 වන දින එම විශ්ව විද්‍යාලයේ 18 වන උපකුලපතිවරිය ලෙස පත්වුණා.

චන්ද්‍රිකා එන්. විජේරත්න මහත්මිය ප්‍රජනක වෛද්‍ය විද්‍යාව පිළිබදව ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරියක්ද වනවා.

කෙසේ වෙතත් පසුගියදා පැවති උපාධි ප්‍රදානෝත්සවයේදී කොළඹ විශ්ව විද්‍යාලයේ වත්මන් කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට සිසුන් විරෝධය දැක්වීමේ සිදුවීමේදී ඇය එම සිසුන්ට සහය දැක්වූ බවට ආණ්ඩු පක්ෂයේ ඇතැම් පුද්ගලයින්ගෙන් චෝදනා එල්ල වුණා.

RECENT ARTICLES - SINHALA

පාස්කු ප්‍රහාරය ගැන සැකකරුවෙක් පාපොච්ඡාරණයක් කරලා

පාස්කුදා මෙරට කතෝලික පල්ලි සහ තරු හෝටල් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරයට ආධාර අනුබල දුන්නේ යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරන සැකකරුවෙකු...

අනවශ්‍ය උපාංග ඉවත් කරන්න බස්වලට මාස 3ක්‍ දීලා

බස් රථවල අනවශ්‍ය අමතර උපාංග ඉවත් කිරීමට පෞද්ගලික බස් හිමියන්ට මාස තුනක කාලයක් ලබාදීමට තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික...

විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

2025 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීම පෙබරවාරි මස 17 වන දින සිදුකිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව...

POPULAR ARTICLES