මුදල් අමාත්‍ය හා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා ද ඉල්ලා අස් වී තිබේ.
ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බව සඳහන්.
මීට පෙර කම්කරු අමාත්‍ය විදුර වික්‍රමනායක සහ සෞඛ්‍යය අමාත්‍ය චන්න ජයසුමන ද සිය අමාත්‍ය ධූර වලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත භාරදී තිබෙනවා.
කෙසේ නමුත් කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වන අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීමේදී අමාත්‍ය මණ්ඩලයම ඉල්ලා අස්වූ සේ සලකන බැවින් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමේ ලිපි දෙමින් රංගනයක යෙදෙන බවට විද්වතුන් චෝදනා කර සිටිනවා.