27 C
Colombo
Monday, October 7, 2024

නිලන්ත ජයවර්ධන අධිකරණයෙන් සමාව ඉල්ලයි

- Advertisement -

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව නියම වූ වන්දි මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන් කර තිබෙන බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් අද (07) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

ඔහුට නියමකර තිබූ වන්දි මුදල රුපියල් මිලියන 75ක්.

එම නඩුකරය අද දහවල් කැදවූ අවස්ථාවේදී ඔහුගේ නීතිඥවරයා මේ බව දැනුම් දුන්නා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය කියා සිටියේ වගඋත්තරකරු විසින් අද දින ඔහුට නියම කළ වන්දි මුදලේ ඉතිරිය වූ රුපියල් මිලියන 65ක් ගෙවා ඇති බව හානි පූර්ණ කාර්යාලය විසින් වාර්තා කර ඇති බවයි.

මෙම මුදල් ගෙවීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් තමා අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින බවත් අධිකරණය හමුවේ පෙනී සිටි නිලන්ත ජයවර්ධන මහතා විනිසුරු මඩුල්ල ඉදිරියේ දැනුම් දුන්නා.

ඉන් අනතුරුව මෙම නඩු කටයුත්ත යළි නොවැම්බර් මස 18 වනදා කැඳවීමට ද නියම කළා.


RECENT ARTICLES - SINHALA

ආසියානු සංවර්ධන බැංකුවෙන් ජනපතිට පොරොන්දුවක්

ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක...

Breaking : අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා අස්වෙයි

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.කේ.විජේරත්න මහතා අද (07) පස්වරුවේ එම ධූරයෙන් ඉල්ලා අස් වෙන බවට අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දී...

ඉතිහාසයේ පළමු වරට CID මුල් පුටුවට කාන්තාවක්?

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමුවරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ ධුරයට කාන්තා නිලධාරිනියක් පත්කිරීමට යෝජනා වී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ප්‍රථම කාන්තා නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය...

POPULAR ARTICLES

හර්ෂ ද සිල්වාට පක්ෂයෙන් සුපිරි කැපිල්ලක්

0
සමගි ජනබලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාට මේ වන විට පක්ෂ නායකත්වයෙන් කෙනෙහිලිකම් රැසක් සිදුවන බවට News19 වෙත තොරතුරු වාර්තා වනවා. මීට...

වාහන ආනයනය ගැන දැනුම් දීමක්

පොදු ප්‍රවාහන සේවා සඳහා බස් රථ ඇතුළු වාහන ගෙන්වීම ආරම්භ කර තිබෙනවා. ඔක්තොම්බර් මස පළමුවනදා සිට මෙම වාහන ගෙන්වීම ආරම්භ කර තිබුණා. මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ,...

නව සන්ධානයේ නායකයා මෙන්න

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා. මේ වනවිට විපක්ෂයේ...