28.1 C
Colombo
Monday, October 7, 2024

නිලන්ත ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණයට

- Advertisement -

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට අදාළ ව කරුණු දැක්වීම සඳහා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ සිටින බවට වාර්තා වනවා.

අදාළ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් නිලන්ත ජයවර්ධන මහතා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දුකළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වෙනුවෙන් රුපියල් මිලියන 75ක වන්දියක් ගෙවන ලෙසත් කලින් නියම කර තිබුණා.

එහෙත් එම වන්දි මුදල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඔහුට එරෙහිව අධිකරණය විසින් කළ නියෝගය පරිදි නීතිපතිවරයා විසින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කරනු ලැබුවා.

ඊට අදාළව කරුණු දැක්වීම සඳහා අද (07) දින අධිකරණයේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර නිකුත් කළ නොතීසියකට අනුව නිලන්ත ජයවර්ධන මහතා අධිකරණය හමුවට පැමිණ සිටියා.


RECENT ARTICLES - SINHALA

ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටකළ දෙදෙනාට අධිකරණයෙන් නියෝගයක්

මෙවර පැවැති ශිෂ්‍යත්ව විභාගයේ තිබූ ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර පිටකළ බව කියන මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ පාසල් ගුරුවරයා එළඹෙන 22 දින දක්වා...

ලෝක බැංකුවෙන් ලංකාවට අමතර ඩොලර් මිලියන 200ක්

මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන්, ලෝක බැංකුව සමඟ අමතර ඩොලර් මිලියන 200 ක ගිවිසුමකට අද (07) අත්සන් තබා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ජනාධිපති අනුර...

වන අලි පහරදීමකින් තරුණයෙක් මරුට

අද (07) පාන්දර පොළොන්නරුව - බකමුණ මාර්ගයේ සිදුවූ වනඅලි ප්‍රහාරයකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 28 හැවිරිදි දිනේෂ් සඳරුවන් නැමැති තරුණයෙක්. එම තරුණයා...

POPULAR ARTICLES

හර්ෂ ද සිල්වාට පක්ෂයෙන් සුපිරි කැපිල්ලක්

0
සමගි ජනබලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාට මේ වන විට පක්ෂ නායකත්වයෙන් කෙනෙහිලිකම් රැසක් සිදුවන බවට News19 වෙත තොරතුරු වාර්තා වනවා. මීට...

වාහන ආනයනය ගැන දැනුම් දීමක්

පොදු ප්‍රවාහන සේවා සඳහා බස් රථ ඇතුළු වාහන ගෙන්වීම ආරම්භ කර තිබෙනවා. ඔක්තොම්බර් මස පළමුවනදා සිට මෙම වාහන ගෙන්වීම ආරම්භ කර තිබුණා. මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ,...

නව සන්ධානයේ නායකයා මෙන්න

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා. මේ වනවිට විපක්ෂයේ...