කොල්ලුපිටිය මොනාච් නිවාස සංකීර්ණයේ ඉහළ මාලයේ පිහිනුම් තටාකය අසල සාදයක් පැවැත්වූ විදේශිකයන් තිදෙනෙකු ඇතුළු නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.
රට තුල දැඩි ලෙස ක්‍රියාත්මක වන සංචරණ සීමාවන් උල්ලංඝනය කරමින් එකට රැස්වීම හේතුවෙන් මෙම පිරිස අත්අඩංගුවට ගනු ලැබිණි.
මෙම කණ්ඩායම පිරිමින් හය දෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකුගෙන් සමන්විත වූ බව පැවසේ
අත්අඩංගුවට ගත් විදේශිකයන්ගේ ජාතිකත්වය තවමත් පොලීසිය විසින් අනාවරණය කර නොමැත.
ඔවුන් අද (10) කොළඹ කොටුවේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.