නිරෝෂා තලගල කියන නම මුලින්ම ජනහදවත් වලට කා වදින්නේ නර්ථන ශිල්පිණියක් විදිහට පසුව ඒ ආදරේ රංගන ජීවිතය තුලින් ශක්තිමත් කරගන්න ඇයගේ රංගන දක්ෂතා ඉවහල් වුනා. අවුරුදු 13කට කලින් අද වගේ දවසක ඇය ගොඩක්ම ආදරේ කරන හිතක් එක්ක විවාහ වෙනවා.
ඔහු අසේල ප්රියදර්ශන. දැන් මේ දෙන්නා දෙමාපියන් බවටත් පත්වෙලා. විවාහ ජිවන සසරේ එකට ආ වසර 13ට නිරෝෂා ආදරණිය සැමියාට ආදරණිය සටහනක් තබනවා, ඒ “එකමත් එක දවසක මම ඔයාගේ වුණා, ඔයා මගේ වුණා..අපි එකට ජිවත් වෙමු ජිවිතේ තියෙන තුරාවට…” කියලා. ඒ ප්රාර්ථනය ඒ ආකාරයෙන්ම ඉටු වෙන්න අපෙනුත් සුබ පැතුම්.