උසස් පෙළ විභාගය දරුවන්ගේ ජීවිතයේ තීරණාත්මක විභාගයක් වන බැවින් දෙසැම්බර් මස 20 වන දින දක්වා එම දරුවන්ට ප්‍රමුඛතාවය ලබා දෙමින් කටයුතු කරන ලෙසට ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.
2024 උසස් පෙළ විභාගය අද (25) උදෑසන 8.30ට උසස් පෙළ විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 2,312 දී ආරම්භ වුණා.
ඒ අනුව අද සිට දෙසැම්බර් 20 වන දින දක්වා දින 22ක කාලයක් විභාගය පැවැත්වීමට නියමිතයි.
මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 333,185 දෙනෙකු පෙනී සිටිනවා.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළේ උසස් පෙළ පැවැත්වෙන දිනයන්වල දී සිසුන්ට බාධා ඇති වෙන ආකාරයේ කිසිදු ක්‍රියාකාරකමක් සිදුනොකරන ලෙසයි.
මේ අතර, අද උදෑසන පැවති අයපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ විභාග අපේක්ෂකයින් සිව්දෙනෙක්ට විභාග මධ්‍යස්ථාන වෙත යෑමට නොහැකි තත්ත්වයක් පැවති අතර වහාම නාවික හමුදා හා යුද හමුදාව ක්‍රියාත්මක වී එම සිසුන්ව විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන ගිය බව ද අමිත් ජයසුන්දර මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.
ඒ අනුව, යම් ආපදා තත්ත්වයක් ඇති වුවහොත් 177 ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කේෂණික දුරකථන අංකයට කතා කළ හැකි බවත්, ඒ වගේම විභාග දෙපාර්තමේන්තුවේ 1911 අමතා යම් ගැටලුවක් ඇත්නම් නිරාකරණය කර ගත හැකි බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙනවා .
එමෙන්ම, විභාගය සම්බන්ධයෙන් යම් උපදෙසක් ලබාගැනීමට අවශ්‍ය නම් පාසල් විභාග සංවිධාන ශාඛාවට 0112 785 922 / 0112 784 537 යන අංක ඔස්සේ ඇමතිය හැකි බව ද අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් කියා සිටියා.
“මේ දරුවන්ට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඒක විසඳාගන්නට ඒ අයට උදව් කරන්නට කියලා මම ඉල්ලා සිටිනවා. අපි බලාපොරොත්තු වෙනවා සෑම දරුවෙකුටම මේ විභාගය හොඳ වතාවරණයක් යටතේ විභාගය පැවැත්වීමට. අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට. ඒ සම්බන්ධයෙන් සියලුදෙනාගේ සහාය මට අවශ්‍ය කරනවා. ඔබේ සහාය අවස්ථානුකූලව ඒ දරුවන්ට ලබාදෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ අයට බාධා සිදුවන ආකාරයේ කිසිදු දෙයක් කරන්න එපා විභාග පැවැත්වෙන අවස්ථාවලදී. ඒ සම්බන්ධයෙන් අපි පොලිස් දෙපාර්තමේන්තුවත් සමගත් සාකච්ඡා කරලා අවශ්‍ය වැඩපිළිවෙල සකස්කරලා තියෙන්නේ.”