බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සමගි ජනබලවේගය සූදානම් වනවා.
කරුණු 10ක් යටතේ සකසා ඇති එම විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම අද (16) කොළඹ පිහිටි විපක්ෂනායක කාර්යාලයේදී ඇරඹිණි.
අදාළ විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන් අත්සන් කිරීමෙන් පසු එය, කථානායකවරයා වෙත භාරදීමට කටයුතු කරන බවයි පැවසෙන්නේ.