පොහොර බෙදාහැරීමේ කටයුතුවලින් 2023 මහ කන්නයේ සිට ඉවත්වීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඒ, දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවකම මොනරගහණය ඉහළ ගොස් ඇති බැවින් වී වගා කළ පසු සිදුවන හානිය සැලකිල්ලට ගනිමින් පෙරේදා (11) අඟුණකොළපෑලැස්සේ වී වැපිරීම සඳහා නව ෂීඩර් යන්ත්‍රයක් හඳුන්වා දීමේ වැඩසටහනට එක්වෙමින්.
ඒ අනුව වී හා බඩඉරිඟු වගාවන්ට අවශ්‍ය යුරියා හා අනෙකුත් පොහොර මිල දී ගැනීම සඳහා රජය විසින් ගොවි ජනතාවගේ ගිණුම්වලට සහනාධාරයක් ලෙස මුදල් බැර කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
වගාවට අවශ්‍ය යුරියා පොහොර ඇතුළු සියලු පොහොර සැපයීම පුද්ගලික අංශ මගින් සිදු කරන බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කරන්නේ. පොහොර මිල දී ගැනීමට හෙක්ටෙයාර් එකකට රුපියල් 50,000ක් ගොවි ජනතාවට ලබා දීම කෙරෙහි අවධානය යොමු කර ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
එමෙන්ම, දිවයිනේ බොහෝ ප්‍රදේශවල නාඩු වී වැපිරීම නිසා වී මිල පහළ යාම හේතුවෙන් වී අලෙවි කර ගැනීමට ගොවීන් අපොහොසත් වූ නමුත් වී අලෙවි මණ්ඩලය මගින් වී මිල දී ගැනීමට රජය විසින් රුපියල් මිලියන 2000ක් රාජ්‍ය බැංකු මගින් ලබා ගැනීමට අනුමැතිය ලබා දුන්නත් එම ණය මුදල ලබා ගැනීමට නොහැකි වූ බවත් අමාත්‍යවරයා සඳහන් කර සීටියා.