මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පසුගිය ජනාධිපතිවරණය තරම්වත් ජනතාව අතර උනන්දුවක් දක්නට නොලැබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
මැතිවරණය නිරීක්ෂණය සඳහා වූ ස්වේච්ඡා පෙළගැස්ම සංවිධානයේ (View) මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
ඡන්දය භාවිත කිරීම සඳහා ජනතාව උදාසීනත්වයක් දැක්වීමට එක් හේතුවක් වී ඇත්තේ 2015 වසරේ සිට ප්‍රජාතන්ත්‍රවාදය සහ ඡන්ද බලය සම්බන්ධයෙන් ජනතාවට ඇති අභිලාශයන් සාක්ෂාත් වන ආකාරයට දේශපාලකයන් කටයුතු කිරීම බව මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දෙනවා.
“ පක්ෂවල ප්‍රජාතන්ත්‍රවාදය නැති එක මේකට එක හේතුවක්. සමහර අය අහනව ඡන්දෙ දුන්නම මොනවද අපිට ලැබෙන්නේ කියල, අපි දැන් දානයක් දුන්නොත් පින් බලාපොරොත්තු වෙනවා වගේ මොනවාහරි ලැබෙන්න ඕන කියන වැරදි අදහසක ඉන්නවා, අපි ඒක තමයි අයින් කරන්න හදන්නේ , ඡන්දයක් කියන්නේ අපේ ජීවිතේට අවශ්‍ය කොටසක් ඒ නිසා අපි ඡන්දේ දෙන්න එන්න ඕන”