31 C
Colombo
Tuesday, December 24, 2024

දක්ෂයෙක් උනාට සහයෝගය නොමැතිව සාර්ථක වෙන්න බෑ – ජනපති

- Advertisement -

පුද්ගලයෙකු වශයෙන් කෙතරම් දක්ෂ හෝ කුසලතා සහිත වුවද අන් අයගේ සහයෝගය නොමැතිව සාර්ථකවීමට නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ ඊයේ (19) දින පෙරවරුවේ පැවැති 96වන විසිරයාමේ පෙළපාළිය පිළිගැනීමේ අවස්ථාවට එක්වෙමින්.

පසුබෑම් ගමන් මගෙහි කොටසක් වන අතර ඒවාට සාර්ථකව මුහුණ දී නිර්භිත තීරණ ගැනීමට නායකයා සමත් වියයුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

විනය හමුදා නිලධාරියෙකුගේ ජීවිතයේ ඉහළම ගුණාංගයයි. සුබවාදී බව, ආත්මවිශ්වාසය සහ කණ්ඩායමේ සිටින සෙසු පිරිස කෙරෙහි තබන විශ්වාසය නායකයෙකුගේ සාර්ථකත්වයේ හදවත බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී පවසා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“මීට වසර පනහකට පමණ පෙර, යුද හමුදාවේ 4වන බඳවා ගැනීමේ කණ්ඩායමේ අධිකාරියට පත්කිරීමේ පෙළපාළියේ දී තරුණ කෙඩෙට් නිලධාරියෙකු ලෙස අද ඔබ සියලු දෙනා සිටගෙන සිටින ස්ථානයේ මම ද සිටගෙන සිටියෙමි.

මගේ හමුදා දිවිය පුරාවට මා ලබාගත් පුහුණුව, ලැබූ අත්දැකීම් සහ මා තුළ ඇති කළ ගුණාංග මා මේ රටේ ඉහළම ධුරයට තේරී පත්වීමට අත්‍යවශ්‍ය සාධක වූ බවට කිසිදු පැකිළීමකින් තොරව පැවසීමට මම කැමැත්තෙමි. ඔබ නිලයන් හරහා ඉහළට ගමන් කරන විට, ඔබේ වගකීම් ද ක්‍රමයෙන් වැඩි වනු ඇත.

කවදා හෝ ඔබ අතරින් කෙනෙකු හමුදාපති විය හැකි අතර සමස්ත සංවිධානයට හා එහි සිටින සාමාජිකයන්ට වගකිවයුතු අයකු වනු ඇත. ඔබ මෙම ගමන ආරම්භ කරන විට, ඔබේ අණ යටතේ සිටින සොල්දාදුවන් සාමාන්‍ය මිනිසුන් මිස සුපිරි මිනිසුන් නොවන බව ඔබ වටහා ගත යුතුයි.

එවැනි සාමාන්‍ය මිනිසුන්ගෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබෙන ආකාරයට ක්‍රියාකිරීම ඔබේ වගකීමකි. මෙය සිදුකිරීම සඳහා ඔබේ ඒකකය හොඳින් පුහුණු වූ සෞඛ්‍ය සම්පන්න සහ රාජකාරියට සුදුසු බව සහතික කළ යුතු බැවින්, ඔවුන්ගේ සුබසාධනය ගැන හොඳින් සැලකිලිමත් වියයුතු අතර එවිට ඔවුන්ගේ චිත්ත ධෛර්යය ඉහළ මට්ටමක පවතී.”

RECENT ARTICLES - SINHALA

ඉන්දීය ධීවරයින් 17ක් අත්අඩංගුවට

මන්නාරම ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධිව ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාව පැවසුවේ, එහිදී ධීවර යාත්‍රා දෙකක්ද සිය...

නැගෙනහිර සංවර්ධනයට ඉන්දියාවෙන් සල්ලි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමාජ ආර්ථික සංවර්ධනය සහ ද්විපාර්ශික සහයෝගීතාවය ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා...

රාජ්‍ය සංස්ථා සේවකයින්ට ප්‍රසාද දීමනා ගෙවීමේ චක්‍රලේඛය එළියට

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල කාර්ය මණ්ඩලයට 2024 වර්ෂය සඳහා ප්‍රසාද දීමනා ගෙවීමට අදාළව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින්...

POPULAR ARTICLES