31 C
Colombo
Saturday, October 5, 2024

ඊළඟ ඡන්දෙට ඇඟිලි පාට කරන්න ඕනේ නැහැ – පැෆරල්

- Advertisement -

මැතිවරණයකදී ඇඟිලි පාට කිරීමේ ක්‍රමවේදය තවදුරටත් අනවශ්‍ය බව ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ සභාපති පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා.

‘මව්බිම’ වෙත ප්‍රකාශයක් ලබා දෙමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබෙනවා.

රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසා ඇත්තේ මැතිවරණ ක්‍රියාවලියේදී 2010 වසරෙන් පසු පුද්ගලයන් ලියාපදිංචි කිරීම පරිගණක ගත කර තිබෙන නිසා යම් පුද්ගලයෙක් ස්ථාන දෙකකදී ඡන්දය දීම සටහන් වුවහොත් නිලධාරීන්ගේ අධීක්ෂණයට යටත් වන බවයි.

ඒ අනුව, ඇඟිලි පාට කිරීමේ අවශ්‍යතාව නොමැති බවත් ඒ සඳහා යන්නාවූ වියදම අවම කර ගැනීමට හැකියාවක් පවතින බවත් ඔහු අවධාරණය කළා.

මින් පෙරදී ඇඟිලි පාට කිරීම භාවිතයට පැමිණියේ එක් ඡන්ද දායකයෙක් ස්ථාන දෙකකදී ඡන්දය භාවිත කිරීම යන පදනමින් බව ඔහු පවසා සිටියා.

පුද්ගල ලියාපදිංචිය පරිගණක ගත වීමෙන් මෙම තාක්ෂණයේ සහායෙන් සමාන නම් හඳුනා ගන්නා බවත් හැඳුනුුම්පත් අංක ආදිය පරීක්ෂාවට ලක්වන නිසා පුද්ගල ඡන්දයක් ස්ථාන දෙකකදී සටහන් වීමට කිසිසේත් ඉඩ නොමැති බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා පෙන්වා දෙනවා.

එබැවින් ඇඟිලි පාට කිරීම පිළිබඳව නීති සංශෝධනයක් අවශ්‍ය බව රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

අශේන් පාර්ලිමේන්තු මැතිවරණයට

යූටියුබ් අවකාශයේ  සහ සමාජ මාධ්‍යජාලවල ප්‍රසිද්ධියට පත් පුද්ගලයෙකු වන අශේන් සේනාරත්න පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව වාර්තා වෙනවා. ඒ අනුව, එළඹෙන මහ මැතිවරණයේදී ඔහු...

ජනපති අපේක්ෂකයන්ගේ ප්‍රචාරක වියදම් වාර්තා ගැන අනාවරණයක්

මැතිවරණ වියදම් සීමා කිරීමේ පනතට අනුව ජනාධිපතිවරණයට තරඟ කළ අපේක්ෂකයින් 38 දෙනාම ලබන 12 වැනිදාට පෙර සිය ප්‍රචාරණ වියදම් වාර්තා මැතිවරණ කොමිසමට යොමුකළ යුතු...

නිල ණය හිමි කමිටුව සහ IMF අතර සාකච්ඡා සාර්ථකව අවසන්

ශ්‍රී ලංකාවේ නිල ණය හිමි කමිටුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති සාකච්ඡා සාර්ථකව නිම කළ බව මුදල් අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින්, මුදල් අමාත්‍යංශය...

POPULAR ARTICLES

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

Breaking: ශිෂ්‍යත්ව විභාගය ගැන රජය ගත් විශේෂ තීරණය

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක නිරත වූ දෙමව්පියන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති...