24 C
Colombo
Wednesday, January 8, 2025

තෙල් ප්‍රශ්නයක් නෑ -ඇමති ගම්මන්පිල

- Advertisement -

මෙරට ඛනිජ තෙල් හිඟයක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

දින 22කට ප්‍රමාණවත් ඩීසල් සහ දින 18කට ප්‍රමාණවත් පෙට්‍රල් තොග රට තුළ ඇති බවත් තෙල් හිඟයක් ඇත්නම් එය රටට මුලින්ම කියා සිටින්නේ තමන් බවයි අමාත්‍යවරයා පවසන්නේ.

එමෙන්ම මේ සතිය තුළ තවත් පෙට්‍රල් නැවක් මෙරටට පැමිණීමට නියමිත බවත් උදය ගම්මන්පිල මහතා පවසනවා.

තමන් ජනතාවට බොරු නොකියන බවත් තෙල් නැව පැමිණීමෙන් අනතුරුව මෙරට තෙල් සංචිතය තවත් ඉහළ යන බවත් ඔහු අවධාරණය කර සිටිනවා.

” සාමාන්‍යයෙන් මේ වගේ තමයි තොග පවත්වා ගන්නේ. අපි වගේ දිළිඳු රටකට මාස ගණනන් ඉන්ධන තොග තබාගන්න බෑ…ඇත්තටම ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා. ඒ ගැන ඉස්සෙල්ලාම ප්‍රකාශ කළේ මම. ඛනිජ තෙල්වලට රට තුළ තවමත් විකල්පයක් නොමැති නිසා ඩොලර් ප්‍රමුඛතා පදනමින් වෙන්කිරීමේ දී අංක එකේ ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ තෙල්වලට. ඒ නිසා ඩොලර් හිඟය මැද වුණත් තෙල් හිඟයක් ඇති වෙලා නැත්තේ.”

RECENT ARTICLES - SINHALA

අඩු වියදමින් අභිමානවත් නිදහස් උළෙලක්

77 වැනි නිදහස් සමරු උළෙල අඩු වියදමකින් අභිමානවත්ව සැමරිමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය මහාචාර්ය චන්දන...

හිටපු රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්තවන විට ඔහුගේ වයස අවුරුදු 71ක්. ඔහු මහනුවර ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වෙන්නේ

ශිෂ්‍යත්ව පිළිතුරු පත් ඇගයීම ඇරඹේ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් අද (08) ආරම්භ වනවා. එය ලබන 12 වැනිදා දක්වා සිදු කෙරෙනු ඇති. ප්‍රතිඵල දින 40ක් ඇතුළත නිකුත් කරන බව...

POPULAR ARTICLES

අඩු වියදමින් අභිමානවත් නිදහස් උළෙලක්

77 වැනි නිදහස් සමරු උළෙල අඩු වියදමකින් අභිමානවත්ව සැමරිමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය මහාචාර්ය චන්දන...

දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය ලංකාවට

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර හැමිල්ටන්හිදී අද (08) පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා. ශ්‍රී ලංකා...