30 C
Colombo
Friday, October 25, 2024

හාල්වලින් අසාධාරණ ලාභ ගන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ – ජනපති

- Advertisement -

සහල් පාලන මිල වැඩි කරමින්, අසාධාරණ ලෙස ලාභ ලැබීමට කිසිදු ව්‍යාපාරිකයෙකුට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු තවදුරටත් පවසා ඇත්තේ සහල් වෙළඳපොළ සමතුලිත කිරීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ගේ ගබඩා ධාරිතාව වැඩි කිරීමට රජයේ සහාය ලබා දෙන බවයි.

සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයන් සමඟ ජනාධිපති කාර්යාලයේ අද (25) පැවති සාකච්ඡාවට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා .

කෘෂිකර්ම සහ  වාරිමාර්ග ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට මෙන්ම පොහොර සහනාධාරය ලබා දීම සඳහා  රජය විශාල මුදලක් වැය කරන  බැවින් ජනතාවට සහල් සැපයීමේදී සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ට ද සමාජයීය වගකීමක් පැවරෙන බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ , සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ගේ ධාරිතාව නගා සිටුවමින් සහල් වෙළෙඳපොළ සමතුලිත කිරීමට අදාළව ගත යුතු පියවර පිළිබඳව මෙහිදී  දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි.

RECENT ARTICLES - SINHALA

දුම්රියේ ගැටී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ ටිකිරි මැණිකේ දුම්රියේ ගැටී පාසල් සිසුවකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 17ක පාසල් සිසුවෙක්. ඔහු සිසුවා...

ජොන්ස්ටන්ගේ පෙත්සම ගැන අභියාචනාධිකරණය දුන් නියෝගය

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත්කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 05...

අනුර ඉදිරියේ කෘෂි නිලධාරීන් නිරුත්තර වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...