ගාසා තීරයේ කිසිදු ස්ථානයක් ආරක්ෂිත නොවන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
එම සංවිධානය වැඩි දුරටත් පවසන්නේ වර්ධනය වෙමින් පවතින ගැටුම් මධ්‍යයේ එක්සත් ජාතීන්ගේ ධජය යටතේ රැඳී සිටින සරණාගතයින්ට පවා ආරක්ෂාව සැපයිය නොහැකි තත්වයක් උද්ගතව ඇති බවයි.
එක්සත් ජාතීන්ගේ සහන කඳවුරු 50ක් පමණ මේ වන විට යුද ගැටුම්වලින් බලපෑමට ලක්ව ඇති අතර ඉන් 5කට පමණ සෘජුවම ප්‍රහාර එල්ල වී ඇති බව එක්සත් ජාතීන්ගේ නියෝජිතයෙකු සඳහන් කර තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ අරක්ෂාව යටතේ රැඳී සිටි පිරිසෙන්ද 38 ක් පමණ මේ වන විට මිය ගොස් ඇති අතර උතුරු ගාසා තීරයේ වර්ධනය වන ගැටුම් සමඟ එම සංඛ්‍යාව තව දුරටත් වර්ධනය වනු ඇති බවට ඔවුන් මත පළ කරනවා.
මේ අතර, පලස්තීන සරණගතයින්ට සහන සලසන එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය පවසන්නේ ගාසා තීරය තුළ මිලියන 1.5 කට වැඩි ජනතාවක් මේ වන විට අවතැන් වී ඇති බවයි.
එමෙන්ම 600,000 කට ආසන්න පිරිසක් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන සහන් කඳවුරුවල රැඳී සිටින බවද එම ආයනතනය පෙන්වා දෙනවා.