බලයේ සිටි කාලය තුළ සෑම වසරකදීම අලුත් අවුරුදු උදාවත් සමඟ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් අවුරුදු චාරිත්ර කරන ආකාරය රූපවාහිනී නාලිකාවල සජීවීව විකාශය කෙරුණා.
කෙසේවෙතත් මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට මහජනතාවගෙන් එල්ලවී ඇති මහජන විරෝධය හේතුවෙන් මෙවර එම පවුලේ අවුරුදු සැමරුම් කිසිදු නාලිකාවකින් විකාශය නොකිරීම විශේෂත්වයක්.
එමෙන්ම අලුත් අවුරුද්ද වෙනුවෙන් සියලු ජංගම දුරකථන පාරිභෝගිකයන්ට ජනාධිපතිවරයා යොමු කරන සුබ පැතුම් පණිවිඩයද මෙවර නොඑවීමට කටයුතු කර තිබෙනවා.
අදාළ කෙටි පණිවිඩය මිලියන ගණනක් පාරිභෝගිකයන්ට යොමුකිරීම සඳහා වාර්ෂිකව විශාල මුදලක් වැය කරනවා.