තම සංගමය අද දිනයේ ක්‍රියාත්මක වන අරගලයට කිසිදු සහයක් නොදක්වන බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.
ඔහු සදහන් කරන්නේ තම සංගමය ස්වාධීන සංගමයක් බැවින් රජයේ පාර්ශවයට හෝ අරගලකරුවන්ගේ පාර්ශවය යන දෙපාර්ශවයටම සහය නොදක්වන බවයි.
කෙසේවෙතත් ගැමුණු විජේරත්න මහතා පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළා.
එමෙන්ම සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වෙනුවෙන්ද පෙනීසිටි ඔහු ඒ වෙනුවෙන් අධිකරණ ක්‍රියාමාර්ගවලටද යොමු වුණා.