27.3 C
Colombo
Wednesday, April 9, 2025

නොබෙල් සාම ත්‍යාගය රුසියාවේ සහ පිලිපීනයේ ජනමාධ්‍යවේදීන් දෙදෙනකුට

- Advertisement -

නොබෙල් සාම ත්‍යාගය පිලිපීනයේ සහ රුසියාවේ ජනමාධ්‍යවේදීන් දෙදෙනකුට හිමි වී ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

භාෂණයේ නිදහස වෙනුවෙන් කරන ගෞරවයක් ලෙස මෙම මාධ්‍යවේදීන් දෙදෙනාට නොබෙල් සාම ත්‍යාගය පිරිනමන බවත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය එනම් භාෂාණයේ නිදහස ගෝලීයව තර්ජනයට ලක්ව ඇතැයි ද එම කමිටුව සඳහන් කළේය

.පිලිපීනයේ මරියා රේසා සහ රුසියාවේ දිමිත්‍රි මුරටොව් මෙවර නොබෙල් සාම ත්‍යාගය හිමි වූ අතර “පිලිපීනයේ සහ රුසියාවේ අදහස් ප්‍රකාශ කිරීම නිදහස/භාෂණයේ නිදහස වෙනුවෙන් කරන ලද ධෛර්යමත් සටන” වෙනුවෙන් මෙවර නොබෙල් සාම ත්‍යාගය ඔවුන් දෙදෙනාට ප්‍රදානය කරන බව නෝර්වේජියානු නොබෙල් කමිටුවේ ප්‍රධානී බෙරිට් රෙයිස් ඇන්ඩර්සන් අද (8) ප්‍රකාශ කළාය.
වසර 1935 න් පසු ජනමාධ්‍යවේදියකු/ජනමාධ්‍යවේදීන් මෙම සම්මානය දිනාගත් පළමු අවස්ථාව මෙය වේ.

ජර්මනියේ කාර්ල් වොන් ඔසියට්ස්කි එරට රහසිගත ආයුධ වැඩසටහනක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කිරීම වෙනුවෙන් 1935 වසරේ දී නොබෙල් සාම ත්‍යාගය දිනාගත්තේ ය.

RECENT ARTICLES - SINHALA

නිරුවත් ඡායාරූප වට්ස්ඇප් දැමූ තරුණයින් දෙදෙනෙක් අත්අඩංගුවට

අසභ්‍ය වීඩියෝ දර්ශන හා නිරුවත් ඡායාරූප අන්තර්ජාලය හරහා යොමු කරමින් ලිංගික හිරිහැර සිදුකිරීමේ සිද්ධි දෙකක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (08) එම සැකකරුවන්...

නැගෙනහිර සංවර්ධනය ගැන සාකච්ඡා

සිංගප්පූරුවේ සබානා ජුරොන්ග් (Surbana Jurong) ආයතනය හා අමාත්‍යාංශ 18ක් එක්ව කලාප 03ක් යටතේ ශ්‍රී ලංකාව තුළ සිදුකිරීමට නියමිත සංවර්ධන  සැලසුම්  සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ආචාර්ය...

වැඩබලන පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්

ශ්‍රී ලංකා පොලීසිය සහ මහජන සම්බන්ධතා ශක්තිමත් කිරීමට නව මුහුණුවරකින් මහජන ආරක්ෂක කමිටු පිහිටුවීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් චක්‍රලේඛයක් මඟින් සියළුම...

POPULAR ARTICLES

නිරුවත් ඡායාරූප වට්ස්ඇප් දැමූ තරුණයින් දෙදෙනෙක් අත්අඩංගුවට

අසභ්‍ය වීඩියෝ දර්ශන හා නිරුවත් ඡායාරූප අන්තර්ජාලය හරහා යොමු කරමින් ලිංගික හිරිහැර සිදුකිරීමේ සිද්ධි දෙකක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (08) එම සැකකරුවන්...

චීනයට පැනවු බද්ද අද සිට ක්‍රියාත්මකයි

චීනයට අද සිට 104% තීරු බදු පැනවෙන බව ධවල මන්දිරය තහවුරු කර තිබෙනවා. මෙරට වේලාවෙන් අද (09) පෙරවරු 9:30 සිට එය බලාත්මක වනු ඇති. මේ අතර...