31 C
Colombo
Monday, April 28, 2025

කොවිඩ් නිසා මියගිය දවස් 20 බිළිදාගේ සිරුර භාරගන්න දෙමාපියන් ඇවිත් නෑ

- Advertisement -

දෙසැම්බර් 08 වන දින කොවිඩ් ආසාදනය වීම නිසා රිජ්වේ ළමා රෝහලේදී මිය ගිය දවස් 20 ක් වයසැති බිළිඳාගේ සිරුර භාර ගැනීමට එම දෙමාපියන් පැමිණ නැති බව රිජ්වේ ළමා රෝහල් අධ්‍යක්ෂකවරයා පවසා ඇත.

ඔහු මේ බව පැවසූවේ දෙසැම්බර් 10 දින උදෑසන ස්වාර්ණවාහිණි මාධ්‍ය නාලිකාවේ ප්‍රවෘත්ති වැඩසටහනකට අදහස් දක්වමිනි.

අදාල බිළිදාගේ මරණයෙන් පසුව පොලිස් පරීක්ෂණයක්, අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ මරණ පරීක්ෂයත්, මරණ පරීක්ෂකවරයාගේ පරීක්ෂණයත් සිදු කළ බවත්, ඉන් අනතුරුව බිළිඳගේ දේහය භාර දීම සදහා බිළිඳාගේ දෙමාපියන්ට දැනුම් දුන් බවත් ඒ මහතා පැවසීය.

ඒත් අදාල දෙමාපියන් රෝහල වෙත නොපැමිණි බවත් ඔවුන්ගේ ඥාතිවරයෙක් රෝහලට පැමිණි නමුත් බිළිඳාගේ මෘත දේහය භාර ගැනීමට ප්‍රතික්ෂේප කළ බවත් ඔහු පැවසීය. කෙසේ වෙතත් දෙසැම්බර් 09 වන දින සවස වනතෙක් බිලිඳාගේ දෙමාපියන් පැමිණෙන තෙක් බලා සිටි බවත් ඉන් අනතුරුව රජයේ වියදම මගින් දේහය ආදාහනය කිරීමට රෝහල් බලධාරීන් කටයුතු කළ බවත් ඒ මහතා පැවසීය.

RECENT ARTICLES - SINHALA

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ඉදිරි පැය කිහිපය සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරු මැද, උතුර සහ...

තරුණයෙකු ඝාතනය කළ පිරිසකට මරණ දඬුවම

2012 වසරේ කොළඹ, මට්ටක්කුලිය ප්‍රදේශයේ කෝවිලක් අසලදී තරුණයෙකුට පොලුවලින් පහරදී මරා දැමීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් පස්දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර...

දළදා වන්දනාවෙන් පසු නුවරට කුණු ටොන් 625ක් එකතු වෙලා

සිරි දළදා වන්දනාව ඊයේ (27) දිනයෙන් අවසන් වීමත් සමඟ මහනුවර ගොහාගොඩ කසළ අංගනයට ටොන් 625 කට අධික මිශ්‍ර කසල තොගයක් රැස්ව තිබෙනවා. කුණු කන්ද පරීක්ෂා...

POPULAR ARTICLES