2025 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාර ගැනීම අද (20) පෙරවරු 10න් අවසන් වුණා.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් ඕනෑම විරෝධතාවක් අද පස්වරු 1.30 දක්වා ගොනු කළ හැකි බව මැතිවරණ කොමිසම සඳහන් කළා.
පළාත් පාලන ආයතන 336ක් සඳහා නාමයෝජනා භාරගැනීමේ කටයුතු පසුගිය 17 වැනිදා සිට ආරම්භ කෙරුණා.
නාමයෝජනා භාරගැනීමෙන් පසු මැතිවරණය පැවැත්වීමේ දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
පළාත් පාලන මැතිවරණයට අදාළ ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු ද ඊයේ (19) දිනයෙන් අවසන් කෙරුණා.