24 C
Colombo
Tuesday, March 18, 2025

පුංචි ඡන්දයේ නාමයෝජනා භාරගැනීම අද සිට

- Advertisement -

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම අද (17) ආරම්භ වනවා.

මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේ අද සිට ලබන 20 වැනිදා මධ්‍යහ්න 12 දක්වා නාමයෝජනා භාරගැනීම සිදුකරන බවයි.

පළාත් පාලන ආයතන 336ක් සඳහා නාමයෝජනා භාරගැනීම මෙලෙස අද දිනයෙන් ආරම්භ වන අතර නාමයෝජනා භාරගැනීම අවසන් වීමෙන් පසු මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කරනු ඇති.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද මධ්‍යම රාත්‍රී 12න් අවසන්.

මෙතෙක් ඒ සඳහා අයදුම් නොකළ සුදුසුකම්ලත් අයදුම්කරුවන්, සිය තැපැල් ඡන්ද අයදුම්පත් තැපෑලට භාරදීමෙන් වැළකී තම ආයතනය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට ගෙනැවිත් භාරදෙන ලෙස මැතිවරණ කොමිසන් සභාව දැනුම් දෙනවා.

අදින් ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාග කටයුතු සඳහා බාධාවක් නොවන ආකාරයෙන් නාමයෝජනා භාරදීමේ කටයුතු සිදුකරන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

ජල සැපයුම අත්හිටුවීමක් ගැන දැනුම්දීමක්

ජල සැපයුම අත්හිටුවීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ අනූව මාර්තු 19 වැනිදා උදේ 08 සිට රාත්‍රී 12 දක්වා පැය...

Breaking:නාගලගං වීදියේ වෙඩි තැබිමක්

ග්‍රෑන්ඩ්පාස්, නාගලගම් වීදිය ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබිමක් සිදුව තිබෙනවා. මෙම වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බවයි...

අපේ ආණ්ඩුවේ ජනප්‍රියතාවය වැඩිවෙනවා අඩුවෙන්නේ නැහැ – ලක්මාලි

නිශ්චිත වශයෙන් අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන බව ජාතික ජනබලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය පවසනවා. තම ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය මෙන්ම අලුත්...

POPULAR ARTICLES