අලුත්වැඩියා කටයුතු සඳහා නතර කර තිබු නොරච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 300ක ජනන යන්ත්‍රය යළි සක්‍රීය කළ බව විදුලිබල අමාත්‍යාංශය පෙරේදා (31) නිවේදනය කළා.
ඒ අනුව ඊයේ (31) සිට යළිත් එය ජාතික විදුලි පද්ධතියට එක්කරන බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ.
කෙසේ වෙතත් අදාළ ජනන යනත්‍රය අද (01) දිනයේ යළිත් අක්‍රීය වී තිබෙනවා.
යන්ත්‍රයෙහි හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය අක්‍රිය වූ බවත් ඒ හේතුවෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 270ක් අහිමිව යන බවත් ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
මේ අතර විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඊයේ (31) සදහන් කලේ නොරෙච්චෝලේ යළි සක්‍රීයවීම නිසා අප්‍රේල් මාසය තෙක් යළිත් කිසිදු හේතුවක් නිසා විදුලිය කප්පාදු නොකරන බවයි.